Read 1 රාජාවලිය Chapter 18 Online
Read 1 රාජාවලිය Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.
Choose a Chapter
1 රාජාවලිය 18
පරිච්ඡේදය 18
1. තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ: ඔබ ගොස් ආහබ්ට පෙනීසිටිනු; මම භූමිය පිටට වැස්ස එවන්නෙමියි කීසේක.
2. එලියා ආහබ්ට පෙනෙන්ට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය.
3. ආහබ් ගෙදර ප්‍රධානියාවූ ඔබදියාට අඬගැසුවේය. (ඔබදියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙක්ය.
4. මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)
5. ආහබ් ඔබදියාට කථාකොට: දේශයෙහි සියලු දිය උල්පත්ද ඔයවල්ද ළඟට යන්න. සියලු සිවුපාවුන් නැතිවෙන්ට නොදී අශ්වයන්ද අශ්වතරයන්ද රක්ෂාකරගන්න පිණිස සමහරවිට අපට තෘණ සම්බවේයයි කීවේය.
6. මෙසේ දේශය මුළුල්ලේ යන පිණිස ඔවුන් ඒක බෙදාගන ආහබ් එක මාර්ගයකින් වෙනම ගියේය, ඔබදියා වෙන්ව වෙන මාර්ගයකින් ගියේය.
7. ඔබදියා යද්දී එලියා ඔහුට සම්බ විය. ඔබදියා ඔහු ඇඳින මුහුනින් වැටී: මාගේ ස්වාමිවූ එලියා ඔබදැයි කීයේය.
8. ඔහුද: ඒ මමය. එලියා මෙහි ඉන්නවාය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔහුට කීවේය.
9. එවිට ඔහු කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මා මරන පිණිස ආහබ්ගේ අතට පාවාදීමට මම මොන පාපයක් කෙළම්ද?
10. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.
11. එහෙත්: එලියා මෙහි ඉන්නේය කියා ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය.
12. තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.
13. යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනස පනස බැගින් ගුහාවල සඟවා රොටිත් වතුරත් දී ඔවුන් පෝෂ්‍යකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද?
14. දැනුදු: එලියා මෙහි ඉන්නේය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. ඔහු මා මරනවා ඇතැයි කීවේය.
15. එලියාද: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමියි කීවේය.
16. එවිට ඔබදියා ආහබ් සම්බවෙන්ට ගොස් ඔහුට දැන්නුවේය. ආහබ් එලියා සම්බවෙන්නට ගියේය.
17. තවද ආහබ් එලියා දුටු විට ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් කලඹන තැනැත්තේ ඔබද ැයි ඔහුට කීවේය.
18. ඔහුද: මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් ඔබ සැම ඉශ්‍රායෙල් කැලඹුවහුය.
19. ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.
20. එවිට ආහබ් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරට පණිවුඩ යවා ප්‍රොපේතවරුන් කර්මෙල් කන්දට රැස්කෙරෙවුවේය.
21. එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් කථාකොට: ඔබ සැම කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.
22. එවිට එලියා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක්ව ඉතුරුව ඉන්නේ මම පමණකි; නුමුත් බාල්ගේ ප්‍රොපේතවරු හාරසිය පනස්දෙනෙක් සිටිති.
23. එබැවින් අපට ගොන් දෙන්නෙක් දෙත්වා; ඔව්හු එක ගොනෙක් තෝරාගෙන කැබෙලිකර කපා දර පිට තබා, යටින් ගිනි නොතබත්වා. මමත් අනික් ගොනා පිළියෙළකොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි.
24. ඔබ සැම ඔබ සැමගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.
25. එලියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: ඔබ සැම බොහෝදෙනෙකු බැවින් පළමුකොට ඔබ සැමට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, ඔබ සැමගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.
26. ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
27. ඉරමුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම්කොට: හයියෙන් මොරගසන්න; මක්නිසාද ඔහු දෙවිකෙනෙක! ඔහු මෙනෙහිකරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත, සමරවිට ඔහු නිදාගන සිටියි, ඒ නිසා පුබුදුවන්ට වුවමනායයි කීවේය.
28. ඔව්හු මහත් හඬින් මොරගසා තමුන්ගේ සිරිතේ හැටියට ලේ ඇඟේ වැගිරෙන තුරු පිහියාවලිනුත් හෙල්ලවලිනුත් තමුන්ගේ ශරීර කපාගත්තෝය.
29. ඉරමුදුන් වේලාව පසුවී සවස යාගය ඔප්පුකරන වේලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුවෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.
30. එවිට එලියා: මා ළඟට එන්නැයි මුළු සෙනඟට කීය; මුළු සෙනඟ ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩාදමා තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනය හරිගස්සා:
31. ඔබේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,
32. ස්වාමීන්වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනගා, ඒ පූජාසනය වටේට බිජුවට නැළි දෙකක් අල්ලන තරම්වූ අගළක් කපා,
33. දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලිකොට කපා දර පිට තැබුවේය. තවද: වතුර සැළි සතරක් පුරවා දවන යාගය පිටත් දර පිටත් වත්කරන්නැයි ඔහු කීවේය.
34. දෙවෙනි වරත් එසේම කරන්නැයි කීවේය; ඔව්හු දෙවෙනි වරත් එසේ කළෝය. තුන්වෙනි වරත් එසේම කරන්නැයි ඔහු කීවේය; ඔව්හු තුන්වෙනි වරත් එසේ කළෝය.
35. වතුර පූජාසනය වටේට ගලාගොස්; අගළද වතුරෙන් පිරුණේය.
36. තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘතෙමේ ළංවී කථාකොට: ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා.
37. ස්වාමීන්වහන්ස, මට උත්තර දුනමැනව, ස්වාමිවූ ඔබ දෙවියන්වහන්සේ බවත් මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුනමැනවයි කීවේය.
38. එවිට ස්වාමීන්වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් ධූලිත් දවා අගළේ වතුරත් වියළවා දැම්මේය.
39. මුළු සෙනඟ ඒ දැක මුහුණින් වැටී: ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය.
40. එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.
41. එලියා ආහබ්ට කථාකොට: හැරී ගොස් කන්න, බොන්න; මක්නිසාද මහත් වර්ෂා ශබ්දයක් තිබේයයි කීවේය.
42. ආහබ් කන බොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගන:
43. ඔබ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය.
44. සත්වෙනි වර ඔහු කථාකොට: මනුෂ්‍යයෙකුගේ අතක් මෙන් කුඩා වලාකුළක් මුහුදෙන් නැගී එන්නේයයි කීවේය. ඔහුද: වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම්කරගෙන ගිය මැනවැයි කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැයි කීවේය.
45. ඉක්බිති මද වේලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය.
46. ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.
About 1 රාජාවලිය Chapter 18
Read 1 රාජාවලිය Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 රාජාවලිය
Chapter: 18
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 රාජාවලිය Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 රාජාවලිය Chapter 18?
1 රාජාවලිය Chapter 18 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 රාජාවලිය Chapter 18 online for free with easy chapter navigation.
More Chapters from 1-රාජාවලිය
- 1 රාජාවලිය Chapter 19
- 1 රාජාවලිය Chapter 22
- 1 රාජාවලිය Chapter 20
- 1 රාජාවලිය Chapter 13
- 1 රාජාවලිය Chapter 21
- 1 රාජාවලිය Chapter 17
- 1 රාජාවලිය Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- හිතෝපදේශ Chapter 12
- නික්මයාම Chapter 17
- ගීතාවලිය Chapter 142
- ලෙවී කථාව Chapter 7
- විනිශ්චයකාරයන් Chapter 10
- ගීතාවලිය Chapter 80
- ගීතාවලිය Chapter 126