Read ගීතාවලිය Chapter 88 Online
Read ගීතාවලිය Chapter 88 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 88
පරිච්ඡේදය 88
1. මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.
2. මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව.
3. මක්නිසාද මාගේ ආත්මය දුකින් පිරී තිබේ, මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ.
4. වළට බසින්නන් සමඟ ගණන්ගනු ලබමි, පිහිටක් නැති කෙනෙකු මෙන් වෙමි.
5. ඔබ විසින් තවත් සිහිනොකරන්නාවූ, ඔබගේ අත කෙරෙන් පහව ගියාවූ, මරනාලදුව මිනීවළේ නිදනවුන් මෙන්, මළවුන් අතරේ හරිනාලද්දෙමි.
6. ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුරු තැන්වලත් මා තැබූසේක.
7. ඔබගේ උදහස මා පිට බරවේ, ඔබගේ සියලු රැළවලින් ඔබ මට පීඩා කළසේක.
8. මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.
9. පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
10. ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද?
11. ඔබගේ කරුණාගුණය මිනීවළේදීත් ඔබගේ විශ්වාසකම විනාශස්ථානයෙහිදීත් ප්‍රකාශකරනු ලබන්නේද?
12. ඔබගේ ආශ්චර්යයෝ අඳුරේදීත් ඔබගේ ධර්මිෂ්ඨකම මතක් නොවෙන දේශයේදීත් දන්වනු ලබන්නේද?
13. එහෙත් ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; උදය මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණෙන්නේය.
14. ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?
15. බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි. ඔබගෙන් පැමිණෙන භීති විඳින කල විකලවෙමි.
16. ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.
17. ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය.
18. ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක.
About ගීතාවලිය Chapter 88
Read ගීතාවලිය Chapter 88 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 88
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 88 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 88?
ගීතාවලිය Chapter 88 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 88 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 75
- ගීතාවලිය Chapter 69
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 55
- 1 රාජාවලිය Chapter 13
- ගීතාවලිය Chapter 62
- උත්පත්ති Chapter 27
- ගීතාවලිය Chapter 38
- යෝෂුවා Chapter 17
- 2 සාමුවෙල් Chapter 17