Read ගීතාවලිය Chapter 135 Online
Read ගීතාවලිය Chapter 135 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 135
පරිච්ඡේදය 135
1. ස්වාමීන්ට ප්‍රශංසාකරව්; ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි,
2. ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3. ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනාකරව්.
4. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.
5. මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි.
6. ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදු වල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක.
7. උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.
8. උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක.
9. එම්බා මිසරය, ඔබ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක.
10. උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක;
11. අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,
12. ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක.
13. ස්වාමිනි, ඔබගේ නාමය සදාකල් පවත්නේය; ස්වාමිනි, ඔබ සිහිකිරීම සියලු පරම්පරා දක්වා වන්නේය.
14. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ විනිශ්චයකරනසේක, ස්වකීය මෙහෙකරුවන් ගැන තැවෙනසේක.
15. ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.
16. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;
17. කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත.
18. ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
19. එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
20. එම්බා ලෙවී වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
21. යෙරුසලමෙහි වසන ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ප්‍රශංසා ලබන සේක්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
About ගීතාවලිය Chapter 135
Read ගීතාවලිය Chapter 135 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 135
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 135 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 135?
ගීතාවලිය Chapter 135 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 135 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 75
- ගීතාවලිය Chapter 69
- ගීතාවලිය Chapter 49
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 32
- ආමොස් Chapter 4
- 2 ලේකම් Chapter 31
- එසකියෙල් Chapter 32
- යෝබ් Chapter 25
- 1 ලේකම් Chapter 23
- යෙරෙමියා Chapter 47