ගීතාවලිය Chapter 50

For English

Read ගීතාවලිය Chapter 50 Online

Read ගීතාවලිය Chapter 50 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 50

පරිච්ඡේදය 50

1. දෙවියන්වහන්සේ, ස්වාමීවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.

2. අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.

3. අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.

4. උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසනසේක.

5. පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.

6. අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.

7. එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, ඔබේ දෙවියන්වහන්සේය.

8. ඔබේ පූජා ගැන ඔබට තරවටු නොකරන්නෙමි; ඔබේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.

9. ඔබේ ගෙයින් ගොනෙක්වත් ඔබේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.

10. මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.

11. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.

12. මට බඩගිනි වීනම්, ඔබට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.

13. මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?

14. දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට ඔබේ භාර ඉෂ්ට කරව.

15. තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම ඔබ මුදාහරින්නෙමි, ඔබ මට ගෞරවකරන්නෙහිය.

16. නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම ඔබේ කටට ගැන්මෙන් ඔබට කම් කිම්ද?

17. මක්නිසාද ඔබ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.

18. ඔබ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.

19. ඔබේ කට නපුරට දී තිබේ, ඔබේ දිවද රැවටිලි යොදයි.

20. ඔබ ඉඳගෙන ඔබ සැමගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; ඔබේම මෑණියන්ගේ පුත්‍රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.

21. මේවා ඔබ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් ඔබට සමානයයි සිතුයෙහිය. එහෙත් ඔබට තරවටුකරන්නෙමි, ඔබේ ඇස් හමුයෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.

22. දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.

23. ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

About ගීතාවලිය Chapter 50

Read ගීතාවලිය Chapter 50 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 50
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 50 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 50?

ගීතාවලිය Chapter 50 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 50 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 75
  6. ගීතාවලිය Chapter 69
  7. ගීතාවලිය Chapter 49

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 22
  2. ගණන් කථාව Chapter 19
  3. 2 ලේකම් Chapter 13
  4. යෙසායා Chapter 5
  5. ගීතාවලිය Chapter 20
  6. ලෙවී කථාව Chapter 14
  7. ගීතාවලිය Chapter 81

Related Chapters & Readings

  1. 1 රාජාවලිය Chapter 22
  2. යෙසායා Chapter 60
  3. යාකොබ් Chapter 4
  4. නෙහෙමියා Chapter 11
  5. ගීතාවලිය Chapter 22
  6. යෙසායා Chapter 16
  7. ලෙවී කථාව Chapter 19
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *