Read ගීතාවලිය Chapter 89 Online
Read ගීතාවලිය Chapter 89 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 89
පරිච්ඡේදය 89
1. ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
2. මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.
3. ඔබේ වංශය සදාකල් ස්ථිර කරන්නෙමි, ඔබේ සිංහාසනය සියලු පරම්පරා වලට පිහිටුවන්නෙමියි කියා
4. මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.
5. ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.
6. මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන්ට සමානකළ හැකිද? බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන්ට සමාන වන්නේද?
7. උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
8. සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය.
9. ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.
10. රාහබ් 89:10 එනම්, මිසර දේශය. මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක; ඔබගේ බලය නමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවාහැරියසේක.
11. ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක.
12. උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.
13. ඔබට බලවත් බාහුවක් ඇත්තේය ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.
14. ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.
15. ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.
16. ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති. ඔබගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන උසස් භාවයට පැමිණෙති.
17. මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය. ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය.
18. මක්නිසාද අපේ පලිහ ස්වාමීන්ටත් අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.
19. ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට: උපකාරකිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි; සෙනඟ අතරෙන් තෝරාගත් කෙනෙකු උසස්කෙළෙමි.
20. මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි.
21. මාගේ හස්තය ඔහු සමඟ ස්ථිරවන්නේය; මාගේ බාහුවද ඔහු ශක්තිමත්කරන්නේය.
22. සතුරා ඔහුට පීඩා නොකරන්නේය; දුෂ්ටකමේ පුත්‍රයා ඔහුට හිංසා නොකරන්නේය.
23. ඔහුගේ එදිරිකාරයන් ඔහු ඉදිරියෙහි යටත්කරන්නෙමි, ඔහුට වෛරවන්නන්ට පහරදෙන්නෙමි.
24. මාගේ විශ්වාසකමත් මාගේ කරුණාවත් ඔහු සමඟ වන්නේය; මාගේ නාමයෙන් ඔහුගේ අඟ උසස්වන්නේය.
25. ඔහුගේ අත මුහුද පිටත් ඔහුගේ දකුණු අත ගංගා පිටත් තබන්නෙමි.
26. ඔහු මට මොරගසා: ඔබ මාගේ පියාණෝය, මාගේ දෙවියන්වහන්සේය, මාගේ ගැළවීමේ පර්වතයයයි කියන්නේය.
27. මමද ඔහු මාගේ කුලුඳුලා කොටද පොළොවේ රජුන්ට උත්තමයා කොට ද තබන්නෙමි.
28. මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.
29. ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි.
30. ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්,
31. මාගේ පනත් කඩකොට, මාගේ ආඥාවන් රක්ෂා නොකෙරෙත් නම්,
32. ඔවුන්ගේ අපරාධයට ඉපෙලන්ද ඔවුන්ගේ අයුතුකමට පහරවලින්ද දඬුවම්කරන්නෙමි.
33. එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙන් සහමුලින්ම අහක්කර නොගන්නෙමි, මාගේ විශ්වාසකමත් පිරිෙහන්ට නොදෙන්නෙමි.
34. මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.
35. මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි; දාවිත්ට බොරු නොකියන්නෙමි;
36. ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.
37. එය චන්ද්‍රයා මෙන්ද ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන්ද සදාකල් පිහිටුවනු ලබන්නේයයි කීසේක.
38. එහෙත් ඔබ පහකොට එපාකළ සේක, ඔබගේ අභිෂේකලත් තැනැත්තා සමඟ උදහස්වූසේක.
39. ඔබගේ මෙහෙකරුවාගේ ගිවිසුමට ඔබ පිළිකුල්කළසේක. ඔහුගේ ඔටුන්න බිම හෙළා දූෂණය කළසේක.
40. ඔහුගේ සියලු වැටවල් ඔබ බිඳ හෙළූසේක; ඔහුගේ බලකොටු ඔබ විනාශ කළසේක.
41. මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.
42. ඔබ ඔහුගේ එදිරිකාරයන්ගේ දකුණත උසස්කළසේක; ඔහුගේ සියලු සතුරන් ප්‍රීතිකෙරෙවුසේක.
43. එසේය, ඔබ ඔහුගේ කඩු මුවාත නැමූසේක, සටෙන්දී ඔහුට කෙළින් සිටින්ට නුදුන්සේක.
44. ඔහුගේ දීප්තිය ඔබ කෙළවරකළසේක, ඔහුගේ සිංහාසනය බිම හෙළූසේක.
45. ඔහුගේ යෞවන දවස් ලුහුඬුකොට, ඔහු ලජ්ජාවෙන් වැසූසේක.
46. ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙන්නේද?
47. මාගේ කාලය කොපමණ ලුහුඬුදැයි සිහිකළ මැනව. ඔබ සියලු මනුෂ්‍ය පුත්‍රයන් මැවුවේ කුමන නිෂ්ඵලකමකටද!
48. මරණය නොදැක ජීවත්වෙන, ෂෙයෝලේ බලයෙන් ස්වකීය ප්‍රාණය ගළවාගන්න මනුෂ්‍යයා කවරේද?
49. ස්වාමිනි, ඔබගේ විශ්වාසකමින් දාවිත්ට දිවුළාවූ ඔබගේ පළමු කරුණාවල් කොයිද?
50. ස්වාමිනි, ඔබගේ මෙහෙකරුවන්ට පැමිණි නින්දාව, එනම් සියලු බලවත් මනුෂ්‍ය වර්ගයන්ගෙන් ලැබෙන බර, මාගේ ළයෙහි දරන බව සිහිකළ මැනව.
51. ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය. ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය.
52. ස්වාමීන්ට සදාකල් ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.
About ගීතාවලිය Chapter 89
Read ගීතාවලිය Chapter 89 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 89
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 89 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 89?
ගීතාවලිය Chapter 89 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 89 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 81
- ගීතාවලිය Chapter 75
Explore More from පැරණි ගිවිසුම
- ද්වීතීය කථාව Chapter 28
- යෙසායා Chapter 41
- නික්මයාම Chapter 29
- යෙසායා Chapter 29
- ද්වීතීය කථාව Chapter 26
- ගීතාවලිය Chapter 103
- ගණන් කථාව Chapter 20