ගීතාවලිය Chapter 65

For English

Read ගීතාවලිය Chapter 65 Online

Read ගීතාවලිය Chapter 65 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 65

පරිච්ඡේදය 65

1. දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ. භාරයද ඔබට ඔප්පුකරනු ලබන්නේය.

2. යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.

3. අයුතුකම් මාගෙන් ජයගනියි. ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක.

4. ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය. ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව.

5. පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.

6. උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.

7. උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.

8. ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති. ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්‍රීතිමත්කරවනසේක.

9. ඔබ පොළොව බලා ඊට වැසි වස්වනසේක, බොහෝසෙයින් එය සාරවත් කරනසේක; දෙවියන්වහන්සේගේ ගංගාව වතුරෙන් පිරී තිබේ. ඔබ පොළොව මෙසේ පිළියෙළකොට ඔවුන්ට ධාන්‍ය සපයාදෙනසේක.

10. ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින්, එහි පිඩලි සමතලා කරනසේක. ඔබ වැස්සෙන් එය බුරුල්කරමින්, එහි පැළෑටිවලට ආශීර්වාදකරනසේක.

11. ඔබ ස්වකීය යහපත්කම නමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේක; ඔබගේ මාවත්වලින් සාරත්වය වැගිරෙයි.

12. ඒවා වනයෙහි පිට්ටනිවල වැගිරෙයි. හෙල්ද ප්‍රීතිය නමැති පටියෙන් සැරසී තිබේ.

13. ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළදීයයි; මිටියාවත්ද ගොයමින් වැසී තිබේ; ඒවා ප්‍රීතියෙන් ඝෝෂාකරමින් ගායනා කරති.

About ගීතාවලිය Chapter 65

Read ගීතාවලිය Chapter 65 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 65
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 65 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 65?

ගීතාවලිය Chapter 65 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 65 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 130
  7. ගීතාවලිය Chapter 81

Explore More from පැරණි ගිවිසුම

  1. නෙහෙමියා Chapter 4
  2. යෙරෙමියා Chapter 29
  3. ලෙවී කථාව Chapter 9
  4. හොෂෙයා Chapter 4
  5. යෙරෙමියා Chapter 13
  6. දානියෙල් Chapter 8
  7. 1 ලේකම් Chapter 2

Related Chapters & Readings

  1. රෝම Chapter 5
  2. යෙසායා Chapter 44
  3. ශු. මතෙව් Chapter 19
  4. එසකියෙල් Chapter 28
  5. 1 සාමුවෙල් Chapter 2
  6. ගණන් කථාව Chapter 32
  7. 2 රාජාවලිය Chapter 23
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *