ගීතාවලිය Chapter 106

For English

Read ගීතාවලිය Chapter 106 Online

Read ගීතාවලිය Chapter 106 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 106

පරිච්ඡේදය 106

1. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

2. ස්වාමීන්ගේ බලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?

3. යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය.

4. මා විසින් ඔබගේ තෝරාගත්තවුන්ගේ ශුභසිද්ධිය දකින පිණිසත්, ඔබගේ ජාතියගේ සන්තෝෂයට භාගිවන පිණිසත්, ඔබගේ උරුමයවූවන් සමඟ ජය ප්‍රකාශකරන පිණිසත්,

5. ස්වාමිනි, ඔබගේ සෙනඟ කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළමැනව; ඔබගේ ගැළවීම මට ගෙනදුන මැනව.

6. අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව. අයුතුකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියාකෙළෙමුව.

7. අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය.

8. එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.

9. උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.

10. ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක.

11. ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය.

12. එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.

13. ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.

14. වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරික්ෂාකළෝය.

15. උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ටකළසේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘශභාවයට පැමිණවූසේක.

16. කඳවුරේදී ඔව්හු මෝසෙස්ටත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාවූ ආරොන්ටත් ඊර්ෂ්‍යාකළෝය.

17. පොළොව විවරව දාතාන් ගිලගත්තාය, අබිරාම්ගේ කණ්ඩායමද වසාගත්තාය.

18. ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය; ගිනිදැල දුෂ්ටයන් දවාදැමීය.

19. ඔව්හු හොරේබ්හිදී වස්සෙකු සාදා; වාත්තු රූපයකට නමස්කාරකළෝය.

20. මෙසේ ඔව්හු තමුන්ගේ මහිමයවූ තැනන්වහන්සේ තණකොළ කන ගොනෙකුගේ ස්වරූපයට මාරුකළෝය.

21. ඔව්හු මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියාද

22. රතු මුහුද ළඟදී භයංකර ක්‍රියාද කළාවූ තමුන්ගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ මතකනැතිකළෝය.

23. එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.

24. ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.

25. නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.

26. එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,

27. ඔවුන් දේශවල විසුරුවන බවත් කියා, ස්වකීය හස්තය ඔසවා දිවුළසේක.

28. ඔව්හු බාල්පෙයොර්ටත් බැදී, මළවුන්ට පිදූ දේ කෑවෝය.

29. මෙසේ ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙවුවෝය; වසංගතයද ඔවුන් අතරට පැමිණියේය.

30. එවිට පීනෙහාස් නැගිට යුක්තිය ඉෂ්ටකෙළේය. මෙසේ වසංගතය නවත්වනලද්දේය.

31. එය සදාකල්ම සියලු පරම්පරාවලට ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.

32. ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.

33. මක්නිසාද ඔව්හු ඔහුගේ ආත්මයට විරුද්ධව කැරළිගැසුවෝය, ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථාකෙළේය.

34. ස්වාමීන් අණකළ ලෙස ඔව්හු මනුෂ්‍ය වර්ගයන් විනාශ නොකොට,

35. අන්‍ය ජාතීන් හා මිශ්‍රව, ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය.

36. ඔව්හු ඔවුන්ගේ රූපවලට මෙහෙකළෝය, ඒවා මොවුන්ට මලපතක් විය.

37. එසේය, ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයන්ට පූජාකළෝය,

38. ඔව්හු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජාකරනු ලැබූ තමුන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවුවෝය; දේශයද ලෙයින් දූෂණය විය.

39. මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.

40. එබැවින් ස්වාමීන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ තමන් උරුමය පිළිකුල්කොට,

41. ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක; ඔවුන්ට වෛරවූවෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකළෝය.

42. ඔවුන්ගේ සතුරෝද ඔවුන්ට පීඩාකළෝය, ඔව්හු සතුරන්ගේ අත යට යටත්කරනු ලැබුවෝය.

43. උන්වහන්සේ බොහෝ වර ඔවුන් මිදූසේක; නුමුත් ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන් කැරළිගසා, ස්වකීය අයුතුකම නිසා පහත්කරනු ලැබුවෝය.

44. එසේ වී නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා, ඔවුන්ගේ විපත්තිය බැලූසේක.

45. ඔවුන් උදෙසා ස්වකීය ගිවිසුම සිහිකොට, තමන් අධික කරුණාව ලෙස තැවුණුසේක.

46. ඔවුන් වහල්කොට ගෙනගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්ට සැලැස්වූසේක.

47. අපගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.

48. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

About ගීතාවලිය Chapter 106

Read ගීතාවලිය Chapter 106 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 106
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 106 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 106?

ගීතාවලිය Chapter 106 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 106 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 48
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 150
  5. ගීතාවලිය Chapter 140
  6. ගීතාවලිය Chapter 130
  7. ගීතාවලිය Chapter 81

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 1
  2. එසකියෙල් Chapter 20
  3. 2 රාජාවලිය Chapter 8
  4. ගීතාවලිය Chapter 137
  5. එසකියෙල් Chapter 19
  6. ගීතාවලිය Chapter 55
  7. ද්වීතීය කථාව Chapter 19

Related Chapters & Readings

  1. විනිශ්චයකාරයන් Chapter 17
  2. යෙසායා Chapter 24
  3. එළිදරව් Chapter 22
  4. එළිදරව් Chapter 3
  5. යෝෂුවා Chapter 1
  6. ගීතාවලිය Chapter 93
  7. ද්වීතීය කථාව Chapter 30
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *