ගීතාවලිය Chapter 91

For English

Read ගීතාවලිය Chapter 91 Online

Read ගීතාවලිය Chapter 91 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 91

පරිච්ඡේදය 91

1. මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.

2. උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

3. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද ඔබ මුදාහරිනසේක.

4. උන්වහන්සේ ස්වකීය පියාපතින් ඔබ වසනසේක, ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.

5. රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,

6. අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය.

7. ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය ඔබට ළං නොවන්නේය.

8. ඔබේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.

9. මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය;

10. ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.

11. මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක.

12. ඔව්හු ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට ඔබ උසුලාගන්නෝය.

13. ඔබ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.

14. ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

15. ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

16. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

About ගීතාවලිය Chapter 91

Read ගීතාවලිය Chapter 91 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 91
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 91 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 91?

ගීතාවලිය Chapter 91 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 91 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 130

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 47
  2. යෙසායා Chapter 37
  3. මීකා Chapter 2
  4. 2 රාජාවලිය Chapter 13
  5. ගීතාවලිය Chapter 20
  6. 1 ලේකම් Chapter 21
  7. ගණන් කථාව Chapter 2

Related Chapters & Readings

  1. 2 ලේකම් Chapter 17
  2. 1 තිමෝති Chapter 2
  3. 1 සාමුවෙල් Chapter 29
  4. ගීතාවලිය Chapter 31
  5. යෙරෙමියා Chapter 7
  6. එසකියෙල් Chapter 17
  7. දේශනාකාරයා Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *