ගීතාවලිය Chapter 118

For English

Read ගීතාවලිය Chapter 118 Online

Read ගීතාවලිය Chapter 118 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 118

පරිච්ඡේදය 118

1. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.

2. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.

3. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ආරොන්ගේ වංශය දැන් කියත්වා.

4. ස්වාමීන්ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා.

5. මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.

6. ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?

7. මට උපකාරකරන්නන් අතරෙහි ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. එබැවින් මට වෛරවන්නන්ට මාගේ ආශාව සිද්ධවෙනවා දකින්නෙමි.

8. මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.

9. අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.

10. සියලු මනුෂ්‍ය ජාතීහු මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.

11. ඔව්හු මා වටකළෝය; එසේය, මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.

12. ඔව්හු මීමැස්සන් මෙන් මා වටකළෝය; කටු දර ගින්නක් මෙන් නිවීගියෝය. ස්වාමීන්ගේ නාමයෙන් ඔවුන් සිඳදමන්නෙමි.

13. වැටෙන පිණිස ඔබ තදින් මා නෙරපූයෙහිය. නුමුත් ස්වාමීන්වහන්සේ මට පිහිටවූසේක.

14. ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක.

15. ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.

16. ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.

17. මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.

18. ස්වාමීන්වහන්සේ දඬුවම්කොට මා හික්මවූසේක. නුමුත් මා මරණයට පාවා නුදුන්සේක.

19. මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි.

20. ස්වාමීන්ගේ දොරටුව මේය; ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල්වන්නෝය.

21. මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක.

22. ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය.

23. මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.

24. ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.

25. ස්වාමීනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමීනි, දැන් අප සඵලකළ මැනව.

26. ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි ඔබ සැමට ආශීර්වාදකෙළෙමුව.

27. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.

28. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.

29. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

About ගීතාවලිය Chapter 118

Read ගීතාවලිය Chapter 118 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 118
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 118 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 118?

ගීතාවලිය Chapter 118 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 118 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 130

Explore More from පැරණි ගිවිසුම

  1. එස්රා Chapter 7
  2. ආමොස් Chapter 6
  3. ආමොස් Chapter 1
  4. ගීතාවලිය Chapter 105
  5. ගීතාවලිය Chapter 149
  6. යෙරෙමියා Chapter 46
  7. දානියෙල් Chapter 4

Related Chapters & Readings

  1. 1 සාමුවෙල් Chapter 1
  2. යෝබ් Chapter 34
  3. යෙසායා Chapter 10
  4. ගීතාවලිය Chapter 116
  5. නික්මයාම Chapter 14
  6. එස්තර් Chapter 10
  7. විලාප ගී Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *