Read ගීතාවලිය Chapter 104 Online
Read ගීතාවලිය Chapter 104 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 104
පරිච්ඡේදය 104
1. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.
2. ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක; වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.
3. ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.
4. උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
5. පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.
6. උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක; ජලය කඳුවලට ඉහළින් විය.
7. ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය; ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය.
8. ඒවා කඳුවලින් නැගී ඔබ ඊටම පිහිටෙවු ස්ථානයට මිටියාවත්වලින් බැස ගියේය.
9. ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.
10. උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි.
11. ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති.
12. ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති.
13. උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.
14. උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,
15. මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
16. ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති;
17. එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය.
18. උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.
19. උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි.
20. ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති.
21. තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති.
22. හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති.
23. මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි.
24. ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.
25. අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
26. එහි නැව් යති; එහි ක්‍රීඩාකරන්ට ඔබ සෑදූ ලෙවියාතන් එහි සිටියි.
27. උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.
28. ඔබ උන්ට දෙන දේ උන් එකතුකර ගනිති; ඔබගේ අත විදහන කල යහපතින් තෘප්තියට පැමිණෙති.
29. ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති; ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයති.
30. ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.
31. ස්වාමීන්ගේ මහිමය සදාකල් පවතීවා; ස්වාමීන්වහන්සේ ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂවනසේක්වා.
32. උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
33. දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
34. මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා. මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
35. පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා. දුෂ්ටයෝ තවත් නොසිටිත්වා. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
About ගීතාවලිය Chapter 104
Read ගීතාවලිය Chapter 104 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 104
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 104 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 104?
ගීතාවලිය Chapter 104 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 104 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 81
- ගීතාවලිය Chapter 75
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 2
- යෙසායා Chapter 49
- සාලමොන්ගේ ගීතිකා Chapter 7
- යෝබ් Chapter 16
- ද්වීතීය කථාව Chapter 19
- ගණන් කථාව Chapter 2
- එසකියෙල් Chapter 4