Read ගීතාවලිය Chapter 62 Online
Read ගීතාවලිය Chapter 62 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 62
පරිච්ඡේදය 62
1. මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.
2. මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
3. මනුෂ්‍යයෙකු ඇල ගැසූ බිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස ඔබ සැම සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?
4. ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.
5. මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
6. මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.
7. මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.
8. ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ ඔබ සැමගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
9. සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.
10. බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.
11. දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
12. ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
About ගීතාවලිය Chapter 62
Read ගීතාවලිය Chapter 62 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 62
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 62 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 62?
ගීතාවලිය Chapter 62 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 62 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 75
- ගීතාවලිය Chapter 69
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 4
- එසකියෙල් Chapter 39
- ගීතාවලිය Chapter 102
- දේශනාකාරයා Chapter 12
- ගණන් කථාව Chapter 2
- ද්වීතීය කථාව Chapter 18
- යෙසායා Chapter 19