ගීතාවලිය Chapter 45

For English

Read ගීතාවලිය Chapter 45 Online

Read ගීතාවලිය Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 45

පරිච්ඡේදය 45

1. යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.

2. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක.

3. බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව.

4. සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව. ඔබගේ දකුණත ඔබට භයානක කාරණා උගන්වන්නේය.

5. ඔබගේ ඊගස් තියුණුය; මනුෂ්‍ය වර්ගයෝ ඔබට පරාජයව වැටෙති, රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ.

6. දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය.

7. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.

8. ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවුවෝය.

9. ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.

10. දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; ඔබේම සෙනඟත් ඔබේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;

11. එවිට රජතෙම ඔබේ රූපශ්‍රීයට ආශාවෙයි. මක්නිසාද උන්වහන්සේ ඔබේ ස්වාමීය; උන්වහන්සේට නමස්කාර කරව.

12. තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය; සෙනඟ අතරේ ධනවන්තයෝ පවා ඔබෙන් කරුණාව ඉල්ලන්නෝය.

13. රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.

14. මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය. ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය.

15. ඔව්හු සන්තෝෂයෙන් හා ප්‍රීතියෙන් ගෙනයනු ලබන්නෝය. ඔව්හු රාජ මාලිගාවට ඇතුල්වන්නෝය.

16. ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය, ඔබ ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය.

17. මම ඔබගේ නාමය සියලු පරම්පරාවන්හි සිහිකරවන්නෙමි. එබැවින් මනුෂ්‍ය වර්ගයෝ සදාකල්හිම ඔබට ස්තුතිකරන්නෝය.

About ගීතාවලිය Chapter 45

Read ගීතාවලිය Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 45
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 45 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 45?

ගීතාවලිය Chapter 45 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 45 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 75
  6. ගීතාවලිය Chapter 69
  7. ගීතාවලිය Chapter 49

Explore More from පැරණි ගිවිසුම

  1. විනිශ්චයකාරයන් Chapter 13
  2. යෝබ් Chapter 10
  3. යෙසායා Chapter 58
  4. ලෙවී කථාව Chapter 5
  5. යෙරෙමියා Chapter 20
  6. උත්පත්ති Chapter 41
  7. 1 සාමුවෙල් Chapter 29

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 8
  2. හබක්කුක් Chapter 3
  3. යෙරෙමියා Chapter 38
  4. 2 සාමුවෙල් Chapter 7
  5. 2 සාමුවෙල් Chapter 21
  6. 2 ලේකම් Chapter 28
  7. සෙකරියා Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *