ගීතාවලිය Chapter 25

For English

Read ගීතාවලිය Chapter 25 Online

Read ගීතාවලිය Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 25

පරිච්ඡේදය 25

1. ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.

2. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.

3. එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.

4. ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.

5. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.

6. ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය.

7. ස්වාමිනි, මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමිනි, ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහිකළ මැනව.

8. ස්වාමීන්වහන්සේ යහපත්ය, අවංකය. එහෙයින් උන්වහන්සේ පව්කාරයන්ට මාර්ගය උගන්වනසේක.

9. උන්වහන්සේ යටහතුන් යුක්තියෙහි හසුරුවනසේක. යටහතුන්ට තමන්ගේ මාර්ගය උගන්වනසේක.

10. ස්වාමීන්ගේ, ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.

11. ස්වාමිනි, මාගේ අයුතුකම මහත් බැවින් ඔබගේ නාමය නිසා ඊට කමාවුව මැනව.

12. ස්වාමීන් කෙරෙහි භය ඇත්තේ කවරේද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක.

13. ඔහුගේ ආත්මය සුවසේ වසන්නේය; ඔහුගේ වංශය දේශය උරුමකරගන්නේය.

14. ස්වාමීන්ගේ රහස 25:14එනම්, මිත්‍රකම. උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.

15. මාගේ ඇස් නිතරම ස්වාමීන් දෙසට යොමුව තිබේ; මක්නිසාද උන්වහන්සේ මාගේ පාද දැලෙන් මුදාගන්නාසේක.

16. මා දෙසට හැරී මට කරුණාකළ මැනව; මක්නිසාද මම අසරණයෙමි, පීඩිතයෙමි.

17. මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව.

18. මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව.

19. මාගේ සතුරන් බැලුව මැනව, මක්නිසාද ඔව්හු බොහෝය; කෲරවූ වෛරයෙන් ඔව්හු මට වෛරවෙති.

20. මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින් මම ලජ්ජා නොවෙම්වා.

21. සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.

22. දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව.

About ගීතාවලිය Chapter 25

Read ගීතාවලිය Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 25
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 25?

ගීතාවලිය Chapter 25 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 25 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 75
  7. ගීතාවලිය Chapter 69

Explore More from පැරණි ගිවිසුම

  1. 1 ලේකම් Chapter 6
  2. හිතෝපදේශ Chapter 8
  3. 1 රාජාවලිය Chapter 2
  4. 1 ලේකම් Chapter 28
  5. උත්පත්ති Chapter 14
  6. ද්වීතීය කථාව Chapter 22
  7. උත්පත්ති Chapter 49

Related Chapters & Readings

  1. ශෙපනියා Chapter 1
  2. 2 යොහන් Chapter 1
  3. හොෂෙයා Chapter 13
  4. නික්මයාම Chapter 36
  5. මීකා Chapter 3
  6. ශු. මාර්ක් Chapter 15
  7. හිතෝපදේශ Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *