නික්මයාම Chapter 36

For English

Read නික්මයාම Chapter 36 Online

Read නික්මයාම Chapter 36 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 36

පරිච්ඡේදය 36

1. බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.

2. මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය.

3. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.

4. ශුද්ධස්ථානයේ සියලු කර්මාන්ත කළාවූ සියලු ශිල්පීහු තම තමන් කළ කර්මාන්තය හැර ඇවිත්

5. මෝසෙස්ට කථාකොට: කරන්ට කියා ස්වාමීන්වහන්සේ අණකළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනඟ ගෙනෙතියි කීවෝය.

6. එවිට මෝසෙස්ගේ අණ පිට: කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රීයක්වත් ශුද්ධ ස්ථානයට පූජාකරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකෙරේවයි මුළු කඳවුරෙහි ප්‍රකාශයක් කරන ලෙස නියමයක් කළෝය. මෙසේ සෙනඟ පූජා ගෙනඊමෙන් වලක්වනු ලැබුවෝය.

7. මක්නිසාද ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරුත් විය.

8. එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර දසයකින් සෑදුවෝය; කටිනලද සිහින් හණ නූල්වලින්ද නිල්, රත්නිල්, රතු නූල්වලින්ද දක්ෂ කම්කරුවාගේ වැඩෙන් යුක්තවූ කෙරුබ් රූප සහිතව ඒ තිර සෑදුවෝය.

9. එක එක තිරයේ දිග විසිඅට රියනක්ය, එක එක තිරයේ පළල සතර රියනක්ය. තිර සියල්ල එක ප්‍රමාණ විය.

10. ඔහු තිර පහක් එකට එක මූට්ටුකෙළේය. අනික් තිර පහත් එකට එක මූට්ටුකෙළේය.

11. මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සෑදුවේය. මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සෑදුවේය.

12. ඔහු එක තිරයක පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරියෙහි සෑදුවේය.

13. රන් කොකු පනසක්ද සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සම්බන්ධකෙළේය.

14. මණ්ඩපයට උඩින් කූඩාරමක් පිණිස එළු ලොමින් තිර සෑදුවේය. එයාකාර තිර එකොළොසක් සෑදුවේය.

15. එක එක තිරයේ දිග තිස් රියනක්ය, එක එක තිරයේ පළල හතර රියනක්ය. තිර එකොළොසම එක ප්‍රමාණ වූයේය.

16. ඔහු තිර පහක් වෙනමද තිර හයක් වෙනමද මූට්ටුකෙළේය.

17. මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සෑදුවේය.

18. කූඩාරම එකක්ව තිබෙන පිණිස සන්ධි කිරීමට ඔහු පිත්තල කොකු පනසකුත් සෑදුවේය.

19. රතු සායම් පෙවූ බැටළු සමින් කූඩාරමට වැස්මක්ද ඊ පිට තහෂ් සම්වලින් වැස්මක්ද සෑදුවේය.

20. ඔහු මණ්ඩපයට ලෑලි ෂිටිම් ලීවලින් සාදා ඒවා කෙළින් පිහිටෙවුවේය.

21. ලෑල්ලක දිග දස රියනක්ය, එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ය.

22. එක එක ලෑල්ලට එකිනෙකට සම්බන්ධවූ කුඩිම්බි දෙකක් විය. මණ්ඩපයේ සියලු ලෑලිවලට ඔහු එසේ සෑදුවේය.

23. මණ්ඩපයට සෑදූ ලෑලි මෙසේය: දකුණු දිසාවේ දකුණු පැත්තට ලෑලි විස්සක්ය.

24. ලෑල්ලක කුඩිම්බි දෙකකට අඩි දෙකක් සහ අනික් ලෑල්ලෙහි කුඩිම්බි දෙකකට අඩි දෙකක් බැගින් ලෑලි විස්ස යට රිදී අඩි සතළිසක් සෑදුවේය.

25. උතුරු දිසාවේ මණ්ඩපයේ දෙවෙනි පැත්තට ලෑලි විස්සක්ද

26. එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය.

27. අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සෑදුවේය.

28. මණ්ඩපයේ පසු පැත්තෙහි මුලුවලට ලෑලි දෙකක්ද සෑදුවේය.

29. යටින් ඒවා ද්විගුණ විය, එසේම මුදුනේ පළමුවෙනි වළල්ල දක්වාත් ද්විගුණ විය. ඔහු එසේ මුලු දෙකේ ඒ දෙකටම සෑදුවේය.

30. එසේ ලෑලි අටක්ද සියලු ලෑලි යට අඩි දෙකක් බැගින් රිදී අඩි සොළොසක්ද විය.

31. ඔහු මණ්ඩපයේ එක පැත්තක ලෑලිවලට පොලු පහක්ද

32. මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසු පැත්තේ ලෑලිවලට පොලු පහක්ද බැගින් ෂිටිම් ලීවලින් පොලු සෑදුවේය.

33. ඔහු මැද පොල්ල ලෑලි මධ්‍යයෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබෙන හැටියට සෑදුවේය.

34. ඔහු ලෑලි රනින් වසා පොලු දැමීමට වළලු රනින් සාදා පොලුත් රනින් වැසුවේය.

35. ඔහු නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරය සෑදුවේය. කෙරුබිම් රූප සහිතව දක්ෂ කර්මාන්ත කරුවෙකුගේ කර්මාන්තයෙන් එය සෑදුවේය.

36. ඔහු ඒකට ෂිටිම් ලීවලින් කුළුනු සතරක් සාදා ඒවා රනින් වැසුවේය. ඒවායේ කොකු රනින් සාදා ඒවාට රිදී අඩි සතරකුත් වාත්තුකෙළේය.

37. ඔහු කූඩාරමේ දොරකඩට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නුල්වලින් කඩතුරාවක් විසිතුරුකර වියා

38. ඒකේ කුළුනු පහද ඒවායේ කොකුද සෑදුවේය. ඒවායේ පේකඩද ඒවායේ පටිද රනින් වැසුවේය. ඒවායේ අඩි පහ පිත්තලෙන් විය.

About නික්මයාම Chapter 36

Read නික්මයාම Chapter 36 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 36
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 36 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 36?

නික්මයාම Chapter 36 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 36 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. ද්වීතීය කථාව Chapter 23
  2. විලාප ගී Chapter 5
  3. යෝබ් Chapter 8
  4. 2 රාජාවලිය Chapter 2
  5. 1 ලේකම් Chapter 16
  6. ගීතාවලිය Chapter 37
  7. ගීතාවලිය Chapter 93

Related Chapters & Readings

  1. සාලමොන්ගේ ගීතිකා Chapter 3
  2. ශු. මාර්ක් Chapter 11
  3. 1 ලේකම් Chapter 11
  4. ක්රිරයා Chapter 1
  5. යෙසායා Chapter 4
  6. විලාප ගී Chapter 4
  7. 1 සාමුවෙල් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *