රූත්ගේ කථාව Chapter 2

For English

Read රූත්ගේ කථාව Chapter 2 Online

Read රූත්ගේ කථාව Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of රූත්ගේ කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of රූත්ගේ කථාව and the Holy Bible online.

Choose a Chapter

රූත්ගේ කථාව 2

පරිච්ඡේදය 2

1. නායොමිගේ පුරුෂයා වන එලීමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නෑයෙක් ඈට සිටියේය.

2. මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.

3. ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.

4. බලව, බෝවස් බෙත්-ලෙහෙමේ සිට අවුත්: ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ වේවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය.

5. එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය.

6. ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමඟ මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය.

7. මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය.

8. එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න.

9. ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. ඔබට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? ඔබට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය.

10. එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.

11. බෝවස් උත්තරදෙමින්: ඔබේ පුරුෂයා නැසුණු පසු ඔබේ නැන්දාට ඔබ කළ සියල්ලත් ඔබේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම ඔබ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.

12. ස්වාමීන්වහන්සේ ඔබේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ ඔබට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය.

13. එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහෙකාරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහෙකාරිය සමඟ කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.

14. කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් ඔබේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය.

15. ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න.

16. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය.

17. මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය.

18. ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය.

19. ඇගේ නැන්දා: ඔබ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, ඔබ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.

20. එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ. ළඟම නෑයෙක්යයි ඈට කීවාය.

21. මෝවබිය රූත්ද: එසේය, ඔහු මට කථාකර-මාගේ ගොයම් සියල්ල කපා තීන්දුකරන තුරු ඔබ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවේයයි කීවාය.

22. නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් ඔබට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමඟ යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය.

23. මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමඟ විසුවාය.

About රූත්ගේ කථාව Chapter 2

Read රූත්ගේ කථාව Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of රූත්ගේ කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: රූත්ගේ කථාව
Chapter: 2
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading රූත්ගේ කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading රූත්ගේ කථාව Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is රූත්ගේ කථාව Chapter 2?

රූත්ගේ කථාව Chapter 2 is part of the Book of රූත්ගේ කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete රූත්ගේ කථාව Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 10
  5. නික්මයාම Chapter 6
  6. නික්මයාම Chapter 30
  7. නික්මයාම Chapter 21

Explore More from රූත්ගේ-කථාව

  1. රූත්ගේ කථාව Chapter 4
  2. රූත්ගේ කථාව Chapter 3
  3. රූත්ගේ කථාව Chapter 1

Related Chapters & Readings

  1. 2 රාජාවලිය Chapter 4
  2. ලෙවී කථාව Chapter 9
  3. ගීතාවලිය Chapter 4
  4. ගලාති Chapter 2
  5. හොෂෙයා Chapter 12
  6. 2 සාමුවෙල් Chapter 19
  7. යෙසායා Chapter 13
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *