2 යොහන් Chapter 1

For English

Read 2 යොහන් Chapter 1 Online

Read 2 යොහන් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 2 යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 යොහන් and the Holy Bible online.

Choose a Chapter

1

2 යොහන් 1

පරිච්ඡේදය 1

1. වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,

2. සැබෑවෙහි ප්‍රේමකරන්නාවූ තෝරාගත් ස්වාමිදුවටත් ඇගේ දරුවන්ටත් ලියා එවන වග නම්:

3. පියවූ දෙවියන්වහන්සේගෙන්ද පියාණන්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් සත්‍යතාවෙහි හා ප්‍රේමයෙහි අප සමඟ වන්නේය.

4. පියාණන්වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නුඹේ දරුවන්ගෙන් සමහරුන් සත්‍යතාවෙහි හැසිරෙනවා මට සම්බවුණ බැවින් ඉතා ප්‍රීතිවෙමි.

5. ඉඳින්, ස්වාමි දුවණියෙනි, පටන්ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලියුවාක්මෙන් නොව, අප විසින් එකිනෙකාට ප්‍රේමකරන ලෙස නුඹෙන් ඉල්ලා සිටිමි.

6. ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය.

7. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ-ක්‍රිස්තුස්ද මොහුය.

8. අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න.

9. ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.

10. නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.

11. මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.

12. බොහෝ කාරණා නුඹලාට ලියා එවන්ට මට තිබේ, නුමුත් කඩදාසියෙන් සහ තීන්තෙන් එසේ කරන්ට නොකැමැත්තෙමි. නුමුත් නුඹේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස නුඹ ළඟට එන්ටද මුහුණට මුහුණලා කථාකරන්ටද බලාපොරොත්තුවෙමි.

13. නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති.

About 2 යොහන් Chapter 1

Read 2 යොහන් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 2 යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 යොහන්
Chapter: 1
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 යොහන් Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 යොහන් Chapter 1?

2 යොහන් Chapter 1 is part of the Book of 2 යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 යොහන් Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from 2 යොහන්

Explore More from නව ගිවිසුම

  1. ශු. මතෙව් Chapter 13
  2. 2 කොරින්ති Chapter 8
  3. ශු. ලූක් Chapter 1
  4. ශු. මාර්ක් Chapter 8
  5. එළිදරව් Chapter 22
  6. රෝම Chapter 16
  7. රෝම Chapter 2

Related Chapters & Readings

  1. ශෙපනියා Chapter 2
  2. එළිදරව් Chapter 3
  3. නෙහෙමියා Chapter 10
  4. ගණන් කථාව Chapter 14
  5. එසකියෙල් Chapter 11
  6. ගීතාවලිය Chapter 10
  7. උත්පත්ති Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *