Read ගීතාවලිය Chapter 147 Online
Read ගීතාවලිය Chapter 147 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 147
පරිච්ඡේදය 147
1. ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
2. ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.
3. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.
4. උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.
5. අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය.
6. ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක; දුෂ්ටයන් බිම හෙළනසේක.
7. ස්තුති දීමෙන් ස්වාමීන්ට ගී කියව්; වීණාවෙන් අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්.
8. උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.
9. උන්වහන්සේ මෘගයාටත් අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක.
10. අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක. මනුෂ්‍යයෙකුගේ පාදයන්හි උන්වහන්සේට ප්‍රසන්නයක් නැත.
11. ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
12. එම්බා යෙරුසලම, ස්වාමීන්ට ප්‍රශංසාකරව; සියොන් නගරය, ඔබේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව.
13. මක්නිසාද උන්වහන්සේ ඔබේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක; ඔබ තුළ ඔබේ දරුවන්ට ආශීර්වාද කළසේක.
14. ඔබේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් ඔබ පුරවන සේක.
15. උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවනසේක; උන්වහන්සේගේ වචන යුහුව දුවයි.
16. උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක; අලු මෙන් මිඳුණු පිනි විසුරුවනසේක.
17. ස්වකීය හිම කැට කැබෙලි කොට වීසිකරනසේක. උන්වහන්සේගේ ශීත හමුයෙහි සිටින්ට පුළුවන් කාටද?
18. උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.
19. උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.
20. උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකළසේක. උන්වහන්සේගේ විනිශ්චයන් වනාහි ඔව්හු දැන නොගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
About ගීතාවලිය Chapter 147
Read ගීතාවලිය Chapter 147 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 147
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 147 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 147?
ගීතාවලිය Chapter 147 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 147 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 140
- ගීතාවලිය Chapter 130
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 33
- 2 රාජාවලිය Chapter 14
- 1 රාජාවලිය Chapter 11
- ගීතාවලිය Chapter 37
- යෙරෙමියා Chapter 25
- නික්මයාම Chapter 27
- 2 රාජාවලිය Chapter 3