සෙකරියා Chapter 6

For English

Read සෙකරියා Chapter 6 Online

Read සෙකරියා Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of සෙකරියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of සෙකරියා and the Holy Bible online.

Choose a Chapter

සෙකරියා 6

පරිච්ඡේදය 6

1. නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රථ සතරක් කඳු දෙකකට අතරෙන් පිටත්ව එනවා දුටිමි; ඒ කඳු වනාහි පිත්තල කඳුය.

2. පළමුවෙනි රථයට රතු අශ්වයෝද දෙවෙනි රථයට කළු අශ්වයෝද,

3. තුන්වෙනි රථයට සුදු අශ්වයෝද හතරවෙනි රථයට ලප ඇත්තාවූ දුඹුරුපාට අශ්වයෝද යොදා සිටියෝය.

4. එකල මම මා සමඟ කථාකළ දූතයාට කථාකොට: මාගේ ස්වාමිනි, මේ මොකදැයි ඇසුවෙමි.

5. දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.

6. එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.

7. දුඹුරුපාට එවුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම්කළෝය. ගොස් දේශයෙහි ඇවිදින්නැයි උන්වහන්සේ කීසේක. එවිට උන් දේශයෙහි ඇවිද්දෝය.

8. එකල උන්වහන්සේ මට අඬගසා මට කථාකොට: උතුරු දේශයට පිටත්ව ගිය එවුවෝ උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳෙවුවෝයයි කීසේක.

9. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

10. වහල්කමට ගිය අයගෙන්, එනම් බබිලෝනියේ සිට ආවාවූ හෙල්දයිගෙන්ද ටෝබියාගෙන්ද යෙදායාගෙන්ද නුඹ රන් රිදී ලබාගන, ඒ දවසේදී ශෙපනියාගේ පුත්‍රවූ යොෂියාගේ ගෙදරට පැමිණ ඇතුල්වී,

11. ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,

12. ඔහුට මෙසේ කියන්න-සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, පැළෑටිය නම්වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් ගැළවී ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගනවා ඇත.

13. උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.

14. ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙ පනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි.

15. තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.

About සෙකරියා Chapter 6

Read සෙකරියා Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of සෙකරියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: සෙකරියා
Chapter: 6
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading සෙකරියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading සෙකරියා Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is සෙකරියා Chapter 6?

සෙකරියා Chapter 6 is part of the Book of සෙකරියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete සෙකරියා Chapter 6 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from සෙකරියා

  1. සෙකරියා Chapter 2
  2. සෙකරියා Chapter 4
  3. සෙකරියා Chapter 13
  4. සෙකරියා Chapter 1
  5. සෙකරියා Chapter 11
  6. සෙකරියා Chapter 5
  7. සෙකරියා Chapter 10

Related Chapters & Readings

  1. 1 ලේකම් Chapter 4
  2. නික්මයාම Chapter 39
  3. 1 රාජාවලිය Chapter 5
  4. 1 යොහන් Chapter 4
  5. ලෙවී කථාව Chapter 5
  6. යෝබ් Chapter 17
  7. එළිදරව් Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *