Read උත්පත්ති Chapter 48 Online
Read උත්පත්ති Chapter 48 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 48
පරිච්ඡේදය 48
1. මේ කාරණාවලට පසු: ඔබගේ පියාණෝ ලෙඩින් ඉන්නාහයි යෝසෙප්ට කියන ලද්දේය. ඔහු තමාගේ පුත්‍රයන් දෙදෙනාවූ මනස්සේ සහ එප්‍රායිම් තමා සමඟ ගෙනගියේය.
2. ඔබේ පුත්‍රවූ යෝසෙප් ඔබ වෙතට එන්නේයයි යාකොබ්ට දන්වන්ට යෙදුණේය. ඉශ්‍රායෙල් ශක්තිය උපදවාගෙන ඇඳේ හිඳගත්තේය.
3. යාකොබ් යෝසෙප්ට කථාකොට: සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කානාන් දේශයේ ලුශ්හි දී මට පෙනී, මට ආශීර්වාදකර-
4. බලව, මම ඔබ සඵලකොට වැඩිකරන්නෙමි, ඔබෙන් ජාති සමූහයක් ඇතිකරවා, මේ දේශය ඔබෙන් පසු ඔබේ වංශයට සදාකාල උරුමයක් පිණිස දෙන්නෙමියි මට කීසේක.
5. මා ඔබ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි ඔබට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
6. මොවුන්ට පසු ඔබට උපදින දරුවෝ ඔබට වන්නෝය; ඔව්හු තමන් උරුම ගැන තමන් සහෝදරයන්ගේ නාම ලබන්නෝය.
7. මා පදන්හි සිට එද්දී, කානාන් දේශයෙහි එප්‍රාත්ට පැමිණෙන්ට ටිකක් දුර තිබියදී, රාඛෙල් මගදී මා ළඟ මළාය. මම ඈ එප්‍රාත්ට (එනම් බෙත්-ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කෙළෙමියි කීවේය.
8. ඉශ්‍රායෙල් යෝසෙප්ගේ පුත්‍රයන් දැක: මොව්හු කවුරුදැයි ඇසුවේය.
9. යෝසෙප්: මොව්හු දෙවියන්වහන්සේ මට මෙහිදී දුන් මාගේ පුත්‍රයෝයයි තමාගේ පියාට කීවේය. ඔවුන් මා ළඟට ගෙනෙන්න, මම ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි ඔහු කීය.
10. වයස නිසා ඉශ්‍රායෙල්ගේ ඇස් හොඳට නොපෙනී අඳුරුව තිබුණේය. ඔහුද ඔවුන් ඔහු ළඟට ගෙනායේය; ඔහු ඔවුන් සිඹ වැලඳගත්තේය.
11. තවද ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: ඔබේ මුහුණ දකින්ට ලැබේයයි නොසිතුවෙමි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ දරුවනුත් දකින්ට මට ඉඩ දුන්සේකැයි කීය.
12. යෝසෙප් ඔවුන් ඔහුගේ දණහිස් අතරෙන් අහකට ගෙන තම මුහුණ බිමට නමා වැන්දේය.
13. යෝසෙප් ඒ දෙදෙනා රැගෙන එප්‍රායිම් ඉශ්‍රායෙල්ගේ වම් පැත්තට තමාගේ දකුණතින්ද මනස්සේ ඉශ්‍රායෙල්ගේ දකුණතට තමාගේ වමතෙන්ද අල්ලාගෙන ඔහු ළඟට පැමිණවිය.
14. ඉශ්‍රායෙල් තමාගේ දකුණත දිඟුකොට බාලයාවූ එප්‍රායිම්ගේ ඉස පිටද මනස්සේ කුලුඳුලා නුමුත් තමාගේ වමත මනස්සේගේ ඉස පිටද දැනගනම අත් හරවමින් තැබුවේය.
15. ඔහු යෝසෙප්ට ආශීර්වාදකරමින්: මාගේ පියවරුන්වූ ආබ්‍රහම් සහ ඊසාක් යම් දෙවි කෙනෙකුන් ඉදිරියෙහි හැසුරුණෝද ඒ දෙවියන්වහන්සේ, මාගේ මුළු ජීවිතයෙහි මේ දවස දක්වා මා පෝෂණය කළාවූ දෙවියන්වහන්සේ,
16. සියලු උවදුරෙන් මා මිදූ දූතයා වන තැනන්වහන්සේ මේ තරුණයන්ට ආශීර්වාදකරනසේක්වා; මාගේ නාමයද මාගේ පියවරුන්වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනුලැබේවා; ඔව්හු පොළොව මධ්‍යයෙහි සමූහයක්වෙන සේ වර්ධනයවෙත්වයි කීවේය.
17. යෝසෙප් තමාගේ පියාණන් තම දකුණත එප්‍රායිම්ගේ හිස පිට තබන බව දැක ඊට අප්‍රසන්නවී තමාගේ පියාගේ අත එප්‍රායිම්ගේ හිසින් අහක්කොට මනස්සේගේ හිස පිට තබන පිණිස ඒක ඉස්සුවේය.
18. තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය.
19. ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.
20. ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශීර්වාදකොට: දෙවියන්වහන්සේ ඔබ එප්‍රායිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉශ්‍රායෙල්වරු ඔබ ගැන ආශීර්වාදකරන්නෝයයි කීවේය. ඔහු වනාහි එප්‍රායිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය.
21. ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ සිට ඔබ සැමගේ පියවරුන්ගේ දේශයට නැවත ඔබ සැම පමුණුවනසේක.
22. ඇරත් මම ඔබේ සහෝදරයන්ට වඩා එක් කොටසක් ඔබට දුනිමි, ඒක මාගේ දුන්නෙන් සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමියි කීවේය.
About උත්පත්ති Chapter 48
Read උත්පත්ති Chapter 48 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 48
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 48 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 48?
උත්පත්ති Chapter 48 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 48 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 40
- 2 ලේකම් Chapter 27
- ගීතාවලිය Chapter 78
- හොෂෙයා Chapter 11
- එස්තර් Chapter 8
- ගීතාවලිය Chapter 141
- එස්රා Chapter 9