හෙබ්රෙනව් Chapter 3

For English

Read හෙබ්රෙනව් Chapter 3 Online

Read හෙබ්රෙනව් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of හෙබ්රෙනව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හෙබ්රෙනව් and the Holy Bible online.

Choose a Chapter

හෙබ්රෙනව් 3

පරිච්ඡේදය 3

1. එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.

2. මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක.

3. ගෘහයට වඩා ගෘහය සෑදූ අයට ගෞරවය තිබෙන්නාක්මෙන්ම, මුන්වහන්සේ මෝසෙස්ට වඩා ගෞරවය ලබන්ට වටිනසේකැයි ඒත්තුගන්නාලද්දේය.

4. මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.

5. සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය;

6. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.

7. එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,

8. කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.

9. එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.

10. එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්නවී: ඔව්හු නිතරම සිතින් මුළාවෙති; මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය.

11. ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමියි කියන ලෙස,

12. සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.

13. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

14. මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,

15. අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.

16. එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවූවෝ කවරහුද? මෝසෙස් කරණකොටගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද?

17. තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?

18. තමන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද?

19. මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.

About හෙබ්රෙනව් Chapter 3

Read හෙබ්රෙනව් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of හෙබ්රෙනව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හෙබ්රෙනව්
Chapter: 3
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හෙබ්රෙනව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හෙබ්රෙනව් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හෙබ්රෙනව් Chapter 3?

හෙබ්රෙනව් Chapter 3 is part of the Book of හෙබ්රෙනව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හෙබ්රෙනව් Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. ශු. ලූක් Chapter 15
  5. එපීස Chapter 5
  6. එපීස Chapter 2
  7. ශු. ලූක් Chapter 23

Explore More from හෙබ්රෙනව්

  1. හෙබ්රෙනව් Chapter 12
  2. හෙබ්රෙනව් Chapter 9
  3. හෙබ්රෙනව් Chapter 2
  4. හෙබ්රෙනව් Chapter 1
  5. හෙබ්රෙනව් Chapter 6
  6. හෙබ්රෙනව් Chapter 8
  7. හෙබ්රෙනව් Chapter 5

Related Chapters & Readings

  1. විනිශ්චයකාරයන් Chapter 4
  2. 1 ලේකම් Chapter 10
  3. එළිදරව් Chapter 14
  4. ද්වීතීය කථාව Chapter 23
  5. යෙරෙමියා Chapter 21
  6. උත්පත්ති Chapter 24
  7. යෝෂුවා Chapter 16
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *