Read එසකියෙල් Chapter 37 Online
Read එසකියෙල් Chapter 37 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 37
පරිච්ඡේදය 37
1. ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා, සමභූමිය මැද සිටෙවුවේය; ඒක ඇටවලින් පිරී තිබුණේය;
2. උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලැස්සූසේක. එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබෙනවා දුටිමි; ඒවා හොඳටම වියළී තිබුණේය.
3. එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත්වේදැයි මාගෙන් ඇසූසේක. මමද: ස්වාමිවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබයයි උත්තරදුනිමි.
4. උන්වහන්සේ නැවත මට කථාකොට: නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න-වියළි ඇට, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
5. මේ ඇටවලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලා ජීවත්වන ලෙස මම නුඹලා තුළට ආත්මය පමුණුවන්නෙමි.
6. මම නුඹලා පිට නහර තබා, නුඹලා කෙරෙහි මාංස හටගන්වා, නුඹලා සමින් වසා, නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි; නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.
7. එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය.
8. මම බැලූවිට නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් ඒවා තුළ ආත්මයක් නොවීය.
9. එවිට උන්වහන්සේ මට කථාකොට: නුඹ සුළඟට අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින් සුළඟට කථාකොට- ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ආත්මය, නුඹ සතර දිග සුළංවලින් ඇවිත් මැරුම්කෑවාවූ මොවුන් ජීවත්වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය.
10. මමද උන්වහන්සේ මට අණකළ ලෙස අනාගතවාක‍්‍යය කීමි, ආත්මයද ඔවුන් තුළට පැමිණ, ඔව්හු ජීවත්වී නැගිට, ඉතා මහත් සේනාවක්ව සිටගත්තෝය.
11. එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති.
12. එබැවින් නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න-මාගේ සෙනඟෙනි, මම නුඹලාගේ සොහොන් විවරකොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැගුටුවා, නුඹලා ඉශ්‍රායෙල් රටට පමුණුවන්නෙමි.
13. එම්බා මාගේ සෙනඟෙනි, මා විසින් නුඹලාගේ සොහොන් විවරකොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැගිටෙවුවාම, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
14. නුඹලා ජීවත්වන ලෙස මා විසින් නුඹලා තුළ මාගේ ආත්මය තබා, නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඒක කියා ඉෂ්ටකළ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි මට කීය.
15. නැවත ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය,
16. නුඹ එක ලීයක් රැගෙන-යූදාටත් ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් පුත්‍රන්ටත්ය කියා ඒක පිට ලියා, තව ලීයක් රැගෙන-යෝසෙප්ට අයිති එප්‍රායිම්ගේද ඔහුගේ සමාගම්කාරයන් වන මුළු ඉශ්‍රායෙල් වංශයේද ලීයය කියා ඒක පිට ලියා,
17. ඒවා නුඹේ අතේ එකක් වෙන පිණිස එක ලීයක් කොට එකිනෙකට ළංකරගන්න.
18. නුඹේ සෙනඟගේ පුත්‍රයන් නුඹට කථාකොට: මේවායින් නුඹ හඟවන්නේ කිමෙක්ද කියා නුඹ අපට නොදන්වන්නෙහිදැයි නුඹෙන් ඇසුවාම,
19. නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-මෙන්න, එප්‍රායිම්ගේ අතේ තිබෙන යෝසෙප්ගේ ලීයද ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් ගෝත්‍රද මා විසින් රැගෙන, ඒවා ඒකට, එනම් යූදාගේ ලීයට තබා, ඒවා මාගේ අතේ එකක් වෙන ලෙස ඒවා එක ලීයක් කරන්නෙමියි කියන්න.
20. නුඹ විසින් ලිවීමක් කරන ලී ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබෙද්දී:
21. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා,
22. දේශයෙහි ඉශ්‍රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි; එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජ වන්නේය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට නොබෙදෙන්නෝය.
23. ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
24. මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය.
25. මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.
26. තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි.
27. මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය.
28. මාගේ ශුද්ධස්ථානය හැම කල්හිම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්‍රායෙල් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ජාතීන් දැනගන්නවා ඇත. කියා කියන්නැයි කීය.
About එසකියෙල් Chapter 37
Read එසකියෙල් Chapter 37 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 37
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 37 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 37?
එසකියෙල් Chapter 37 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 37 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 34
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 24
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 17
- 2 ලේකම් Chapter 32
- 1 රාජාවලිය Chapter 21
- උත්පත්ති Chapter 1
- ලෙවී කථාව Chapter 11
- 1 සාමුවෙල් Chapter 7
- හොෂෙයා Chapter 8