Read උත්පත්ති Chapter 29 Online
Read උත්පත්ති Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 29
පරිච්ඡේදය 29
1. එකල යාකොබ් ගමන්කොට පෙරදිග ජනයන්ගේ දේශයට පැමුණුණේය.
2. ඔහු බලා, කෙතෙහි තිබෙන ළිඳක් සහ ඒ ළඟ ඉන්න බැටළු රැළවල් තුනක්ද දුටුවේය; මක්නිසාද ඒ ළිඳෙන් බැටළු රැළවලට වතුර දෙනලදී. ළින් කට උඩ තිබුණු ගලද මහත්ය.
3. සියලු බැටළු රැළවල් එතැනට රැස්කර, ළින් කටින් ගල අහකට පෙරළා, බැටළුවන්ට වතුර පොවා ගල ළින් කටෙහි තිබුණු තැන්හිම නැවත තබති.
4. එවිට යාකොබ්: මාගේ සහෝදරයිනි, ඔබ සැම කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. අපි හාරාන් සිට ආවෙමුයයි ඔව්හු කීවෝය.
5. නාහොර්ගේ පුත්‍රවූ ලාබන් අඳුනවුදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. අඳුනමුයයි ඔව්හු කීවෝය.
6. ඔහු සුවසේ සිටීදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. සුවසේ සිටියි. අන්න, බැටළුවන් සමඟ අර එන්නී ඔහුගේ දියණියවූ රාඛෙල්යයි ඔව්හු කීවෝය.
7. ඔහුද: තවම දහවල්ය, ගවයන් රැස් කිරීමට කල් නොවෙයි. බැටළුවන්ට වතුර පොවාගෙන ගොස් උන්ට කවන්නැයි කීය.
8. සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය.
9. ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම රාඛෙල් තම පියාගේ බැටළුවන් සමඟ ආවාය; මක්නිසාද ඈ බැටළුපාළියක් වූවාය.
10. තවද යාකොබ් තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ දුව වන රාඛෙල්ද තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළුවන්ද දැක ළඟට ගොස් ළින් කටින් ගල අහකට පෙරළා තමාගේ මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළු රැළට වතුර පෙවුවේය.
11. යාකොබ් රාඛෙල් සිඹ ශබ්දනගා හැඬුවේය.
12. තවද යාකොබ් තමා ඇගේ පියාගේ සහෝදරයා බවත් රෙබෙකාගේ පුත්‍රයා බවත් රාඛෙල්ට දැන්නුවේය. ඈ දිවගොස් ඇගේ පියාට දැන්නුවාය.
13. ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.
14. සැබවින් ඔබ මාගේ ඇට සහ මාංසයත්යයි ලාබන් ඔහුට කීවේය. ඔහු මාසයක් ඔහු සමඟ විසුවේය.
15. ඔබ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩකරන්ට යුතුද? ඔබේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්නැයි ලාබන් යාකොබ්ට කීය.
16. ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.
17. ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය.
18. යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: ඔබේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් ඔබට වැඩකරන්නෙමියි කීය.
19. මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා ඔබට දීම හොඳය, මා සමඟ සිටින්නැයි ලාබන් කීය.
20. යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.
21. තවද යාකොබ්: මාගේ දවස් සම්පූර්ණවූ බැවින් මාගේ භාර්යාව කරා එළඹෙන පිණිස ඈ මට පාවාදෙන්නැයි ලාබන්ට කීය.
22. ලාබන් ඒ ස්ථානයේ සියලු මිනිසුන් රැස්කොට මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය.
23. තවද සවස් වූ කල ඔහු තමාගේ දියණියවූ ලෙයා කැඳවා යාකොබ් ළඟට ගෙන ගියේය; ඔහු ඇය කරා පැමිණියේය.
24. ලාබන් තම දූවූ ලෙයාට තමාගේ දාසීවූ ශිල්පා දාසියක් කොට දුන්නේය.
25. තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: ඔබ මට කළ මේ දෙය කුමක්ද? මා ඔබට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය.
26. එවිට ලාබන්: වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණ පාවා දීම අපේ රටේ නොකෙරෙයි.
27. මැගේ සතිය සම්පූර්ණකරන්න, එවිට තව සත් අවුරුද්දක් මා ළඟ කරන වැඩ නිසා අපි අනික් තැනැත්තියද ඔබට දෙන්නෙමුයයි කීවේය.
28. යාකොබ් එසේ කොට ඇගේ සතිය සම්පූර්ණ කෙළේය. එවිට ඔහු තමාගේ දූවූ රාඛෙල්ද ඔහුට භාර්යාවක් කොට දුන්නේය.
29. තවද ලාබන් තම දියණියවූ රාඛෙල්ට තමාගේ දාසීවූ බිල්හා දාසියක් කොට දුන්නේය.
30. යාකොබ් රාඛෙල් කරා පැමුණුණේය, ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය.
31. ලෙයා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ දැක ඈ ගර්භිණීවන්ට සැලැස්වූසේක. නුමුත් රාඛෙල් වඳව සිටියාය.
32. ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.
33. නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ ඇසූ බැවින් මේ පුත්‍රයාත් මට දුන්සේකැයි කියා ඔහුට සිමියොන් යන නාමය තැබුවාය.
34. නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ඉතින් මාගේ පුරුෂයා නිසා පුත්‍රයන් තුන්දෙනෙකු බිහිකළ බැවින් ඔහු මේ වතාවේ මට ඇලුම්වේයයි කීවාය. එබැවින් ලෙවී යන නාමය ඔහුට තබනලද්දේය.
35. ඈ නැවතද ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මේ වතාවේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමියි කීවාය. එබැවින් ඈ ඔහුට යූදා යන නාමය තැබුවාය; ඇගේ බිහිකිරීම නැවතුණේය.
About උත්පත්ති Chapter 29
Read උත්පත්ති Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 29
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 29?
උත්පත්ති Chapter 29 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 29 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 31
- රූත්ගේ කථාව Chapter 2
- යෙසායා Chapter 42
- 1 ලේකම් Chapter 18
- 1 ලේකම් Chapter 22
- ශෙපනියා Chapter 3
- උත්පත්ති Chapter 45