Read උත්පත්ති Chapter 25 Online
Read උත්පත්ති Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 25
පරිච්ඡේදය 25
1. ආබ්‍රහම් තව භාර්යාවකු පාවාගත්තේය, ඇගේ නාමය කෙතුරාය.
2. ඈ ඔහු නිසා ගිම්රාම්ද යොක්ෂාන්ද මෙදාන්ද මිදියාන්ද ඉෂ්බාක්ද ෂුවාද බිහිකළාය.
3. යොක්ෂාන්ට දාව ෂෙබාද දෙදාන්ද උපන්නෝය. දෙදාන්ගේ පුත්‍රයෝ: අෂූරිවරුත් ලෙතුසිවරුත් ලෙයුම්මිවරුත්ය.
4. මිදියාන්ගේ පුත්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය.
5. ආබ්‍රහම් තමා සන්තක සියල්ල ඊසාක්ට දුන්නේය.
6. නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.
7. ආබ්‍රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය සැත්තෑ පස් අවුරුද්දකි.
8. ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.
9. ඔහුගේ පුත්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය;
10. ඒක ආබ්‍රහම් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගත්තාවූ කෙතය. එහි ආබ්‍රහම්ද ඔහුගේ භාර්යාවවූ සාරාද තැන්පත් කරනලද්දෝය.
11. තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ මරණින් පසු ඔහුගේ පුත්‍රවූ ඊසාක්ට ආශීර්වාද කළසේක; ඊසාක් බෙයර්-ලහයි-රොයි ළඟ වාසයකෙළේය.
12. සාරාගේ දාසීවූ මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පරම්පරා නම් මේය.
13. තම තමන්ගේ පරම්පරා ලෙස, නම් වශයෙන් ඉෂ්මායෙල්ගේ පුත්‍රයින්ගේ නාම නම්: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්ය; කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා සහ මස්සාය; හදද්,
14. ,15තේමා, යෙතුර්, නාඵීෂ් සහ කේදෙමාය.
16. මොව්හු ඉෂ්මායෙල්ගේ ප්‍රත්‍රයෝය, මොවුන්ගේ ගම් සහ කඳවුරු ප්‍රකාරයට මොවුන්ගේ නම් මේය; මොව්හු ස්වකීය ජාති ප්‍රකාරයට අධිපතියෝ දොළොස් දෙනෙක් වූහ.
17. ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය.
18. ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.
19. ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඊසාක්ගේ පරම්පරාව නම් මේය: ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය.
20. ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.
21. ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය.
22. එවිට ඈ: මෙහෙම නම් මම මක්නිසා ජීවත්වෙම්දැයි කීවාය. ඈ ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ගියාය.
23. ස්වාමීන්වහන්සේ: ඔබේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් ඔබේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
24. ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය.
25. ප්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය.
26. ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් බිහිකළ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය.
27. දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය.
28. ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය.
29. යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්:
30. මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය.
31. එවිට යාකොබ්: ඔබේ කුලුඳුල්කම අද මට විකුණන්නැයි කීය.
32. ඒසව්ද: බලව, මම මරණාසන්නව සිටිමි. මේ කුලුඳුල්කමෙන් මට කවර ප්‍රයෝජනයක් වන්නේදැයි කීය.
33. අද මට දිවුරුම් දෙන්නැයි යාකොබ් කීය; ඔහු යාකොබ්ට දිවුරුම් දී ඔහුගේ කුලුඳුල්කම යාකොබ්ට වික්කේය.
34. එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.
About උත්පත්ති Chapter 25
Read උත්පත්ති Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 25
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 25?
උත්පත්ති Chapter 25 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 25 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 22
- උත්පත්ති Chapter 35
Explore More from පැරණි ගිවිසුම
- 2 සාමුවෙල් Chapter 2
- ද්වීතීය කථාව Chapter 34
- දේශනාකාරයා Chapter 8
- ගීතාවලිය Chapter 79
- විනිශ්චයකාරයන් Chapter 2
- සෙකරියා Chapter 3
- ගණන් කථාව Chapter 11