ශු. යොහන් Chapter 6

For English

Read ශු. යොහන් Chapter 6 Online

Read ශු. යොහන් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ශු. යොහන් 6

පරිච්ඡේදය 6

1. ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක.

2. මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය, මක්නිසාද රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දැක්වූ ලකුණු ඔව්හු දුටුවෝය.

3. යේසුස්වහන්සේ කන්දට නැගී තමන් ගෝලයන් සමඟ එහි වැඩහුන්සේක.

4. යුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළංව තිබුණේය.

5. යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක.

6. තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියා තමන්ම දැනගෙන, ඔහු සෝදිසිකරන පිණිස මෙසේ කීසේක.

7. පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය.

8. උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘ උන්වහන්සේට කථාකොට:

9. යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.

10. මනුෂ්‍යයන් හිඳුවන්නැයි යේසුස්වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තණකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් පන්දහසක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය.

11. එවිට යේසුස්වහන්සේ රොටි ගෙන, ස්තුතිකොට, ඉඳගෙන උන්නවුන්ට බෙදාදුන්සේක; එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක.

12. ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.

13. මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය.

14. එබැවින් ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය.‍

15. එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.

16. සවස්වූ කල උන්වහන්සේගේ ගෝලයෝ මුහුද ළඟට ගියෝය;

17. ඔව්හු ඔරුවකට නැගී මුහුදෙන් එගොඩව කපර්ණවුමට යන පිණිස ගියෝය. එවිට අන්ධකාරවී තිබුණේය, ඒතාක්ම යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් සිටියේ නැත.

18. තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය.

19. ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය.

20. මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක.

21. එබැවින් ඔව්හු උන්වහන්සේ ඔරුවට ගන්ට කැමතිවූවෝය. ඔරුව ඔවුන් යන්ට සිටි තැනට එකෙණෙහිම පැමුණුණේය.

22. පසුවදා මුහුද එගොඩ සිටි සමූහයා එහි එකම ඔරුවක් මිස වෙන එකක් නොතිබුණු බවද යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ එහි නොනැගුණු බවද උන්වහන්සේගේ ගෝලයන් පමණක් ගිය බවද දුටුවෝය.

23. (එසේ වුවත් ස්වාමීන්වහන්සේ ස්තුතිකළායින් පසු ඔවුන් රොටි කෑවාවූ ස්ථානය සමීපයට තිබේරියස්හි සිට ඔරු වගයක් ආවෝය.)

24. එහෙයින් සමූහයෝ යේසුස්වහන්සේවත් උන්වහන්සේගේ ගෝලයන්වත් එහි නැති බව දැනගත් කල, තුමූත් ඔරුවලට නැගී යේසුස්වහන්සේ සොයමින් කපර්ණවුමට ආවෝය.

25. ඔව්හු මුහුදෙන් එගොඩදී උන්වහන්සේ දැක: රබ්බි, ඔබ කොයි වේලේ මෙතැනට ආසේක්දැයි ඇසුවෝය.

26. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි- නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටි කා තෘප්තියට පැමිණි නිසාය.

27. නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.

28. එබැවින් ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේගේ වැඩ ඉෂ්ටකරන පිණිස අප විසින් කුමක් කටයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

29. යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක.

30. එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාසකරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද?

31. ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය.

32. එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක.

33. මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක.

34. එබැවින් ඔව්හු: ස්වාමීනි, ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය.

35. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.

36. නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතැයි මම නුඹලාට කීමි.

37. පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.

38. මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය.

39. මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්ට නෑර මා විසින් අන්තිම දවසේදී එය නැගුටුවීමය.

40. මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සැමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමියි කීසේක.‍

41. එබැවින්: ස්වර්ගයෙන් බැස්සාවූ කෑම මමයයි උන්වහන්සේ කී නිසා යුදෙව්වරු උන්වහන්සේ ගැන කොඳුරමින්-

42. මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොමදැයි කීවෝය.

43. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා අතරෙහි නොකොඳුරන්න.

44. මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.

45. සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.

46. එසේවී නුමුත් දෙවියන්වහන්සේ වෙතින් ආ තැනැත්තා මිස අන් කිසිවෙක් පියාණන්වහන්සේ නුදුටුවේය, ඔහු වනාහි පියාණන්වහන්සේ දුටුවේය.

47. සැබවක් සැබවක් නුඹලාට කියමි-අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය.

48. ජීවනදායක කෑම මමය.

49. නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය, නුමුත් ඔව්හු මළෝය.

50. මේ කෑම නම්, එයින් කන කවුරු නුමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැස එන්නාවූ කෑමය.

51. ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයි කීසේක.

52. එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාදකරමින්: කන පිණිස තමාගේ මාංසය අපට දෙන්ට මොහුට පුළුවන් කොහොමදැයි කීවෝය.

53. ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි- නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත.

54. මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.

55. මක්නිසාද මාගේ මාංසය සැබෑවූ කෑමය, මාගේ ලේ සැබෑවු බීමය.

56. මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ තැනැත්තේ මා තුළෙහි පවතියි, මමද ඔහු තුළෙහි පවතිමි.

57. ජීවමාන පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ද මා පියාණන්වහන්සේ නිසා ජීවත්වන්නාක්මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත්වන්නේය.

58. ස්වර්ගයෙන් බැස ආවාවූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක්මෙන් නොව, මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත්වන්නේයයි කීසේක.

59. උන්වහන්සේ කපර්ණවුමේ උගන්වමින් සිටිසේක්, මේ කාරණා සිනගෝගයේදී කීසේක.

60. එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.

61. ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස්වහන්සේ තමන් තුළ දැන, ඔවුන්ට කියනසේක්:

62. මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද?

63. ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

64. නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක.

65. එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක.

66. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.

67. නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක.

68. සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.

69. අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේය.

70. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද? නුමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක්යයි කීසේක.

71. මෙසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍රවූ යූදස් ගැනය, මක්නිසාද දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඔහු උන්වහන්සේ පාවාදෙන්ට සිටියේය.

About ශු. යොහන් Chapter 6

Read ශු. යොහන් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. යොහන්
Chapter: 6
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. යොහන් Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. යොහන් Chapter 6?

ශු. යොහන් Chapter 6 is part of the Book of ශු. යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. යොහන් Chapter 6 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-යොහන්

  1. ශු. යොහන් Chapter 13
  2. ශු. යොහන් Chapter 21
  3. ශු. යොහන් Chapter 15
  4. ශු. යොහන් Chapter 17
  5. ශු. යොහන් Chapter 5
  6. ශු. යොහන් Chapter 8
  7. ශු. යොහන් Chapter 12

Related Chapters & Readings

  1. යෝබ් Chapter 13
  2. 2 ලේකම් Chapter 12
  3. 2 සාමුවෙල් Chapter 5
  4. 1 යොහන් Chapter 5
  5. නික්මයාම Chapter 6
  6. 1 සාමුවෙල් Chapter 23
  7. ගීතාවලිය Chapter 74
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *