එසකියෙල් Chapter 30

For English

Read එසකියෙල් Chapter 30 Online

Read එසකියෙල් Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 30

පරිච්ඡේදය 30

1. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට නැවත පැමිණ කියනුයේ:

2. මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියමින් මෙසේ කියන්න- ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: කෑමොරගසන්න, අහෝ කාලයේ හැටි!

3. මක්නිසාද දවස ළඟය, ස්වාමීන්වහන්සේගේ දවස ළඟය, එය වලාපටල දවසක්ව, ජාතීන්ගේ කාලයව තිබේ.

4. කඩුවක් මිසරය පිටට පැමිණෙන්නේය, මිසරයෙහි මනුෂ්‍යයන් මැරුම්කා වැටෙන්ටත් එහි සමූහයා අල්ලාගනයන්ටත් එහි අත්තිවාරම් පෙරළාදමන්ටත් යෙදෙන කල කූෂ්හි වේදනා හටගන්නවා ඇත.

5. කූෂ්වරුද පූට්වරුද ලූද්වරුද මුළු මිශ්‍ර සේනාවද කූබ්වරුද ගිවිසුමට බැඳුණු දේශයේ පුත්‍රයෝද ඔවුන් සමඟ කඩුවෙන් වැටෙන්නෝය.

6. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මිසරයට ආධාරකරන අය වැටෙන්නෝය, ඇගේ බලයේ උඩඟුකම පහත්වන්නේය. මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වා මනුෂ්‍යයෝ එහි කඩුවෙන් වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

7. පාළුවී තිබෙන දේශවල් අතරෙහි ඔව්හු පාළුවන්නෝය, ඔවුන්ගේ නුවරවල් නටබුන්වී තිබෙන නුවරවල් අතරෙහි වන්නෝය.

8. මා විසින් මිසරයෙහි ගින්නක් අවුළුවා ඇගේ සියලු උදව්කාරයන් බිදීගිය කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

9. ඒ දවසේදී නොසැලකිලි කූෂ්වරුන් භයගන්වන්ට මා ඉදිරියෙන් පණිවිඩකාරයෝ නැව්වලින් පිටත්ව යන්නෝය; එවිට මිසරයේ දවසේදී මෙන් වේදනාව ඔවුන් අතරෙහි හටගන්නවා ඇත; මක්නිසාද එය පැමිණෙන්නේමය.

10. ස්වාමිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතින් මිසරයේ සමූහයා නැතිකරවන්නෙමි.

11. ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත් ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්තිකරන්ට ගෙන්වනු ලැබ, මිසරයට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, මැරුම්කන අයගෙන් ඔව්හු දේශය පුරවන්නෝය.

12. මම ගංගා හින්දවා, දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා, දේශයද එහි පූර්ණකමද විදේශීන් ලවා පාළුකරවන්නෙමි.

13. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම දේවරූපද නැතිකොට, නොප් වෙතින් පිළිම පහකරන්නෙමි; අධිපතියෙක් මිසර දේශයෙන් තවත් නොනික්මෙන්නේය. තවද මම මිසර දේශයෙහි භයක් හටගන්වන්නෙමි.

14. මම පත්‍රොස් පාළුකොට, ශොවන්හි ගින්නක් අවුළුවා, නෝයෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි.

15. මම මිසරයේ බල කොටුව වන ශීන් පිටට මාගේ කෝපය වගුරුවා නෝයේ සමූහයා සිඳදමන්නෙමි.

16. ගින්නක්ද මිසරයෙහි අවුළුවන්නෙමි; ශීන් මහත් වේදනා විඳින්ටත් නෝය බිඳදමනු ලබන්ටත් නොප්හි දවල් කාලයේ සතුරන් සිටින්ටත් යෙදෙන්නේය.

17. ආවෙන්හිද පී-බෙසෙත්හිද යෞවනයෝ කඩුවෙන් වැටෙන්නෝය; එහි වැසියෝ වහල්කමට යන්නෝය.

18. මම මිසරයේ වියගස් තෙහප් නෙහේස්හිදී බිඳින කලද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කලද එහි දවාල අඳුරුවන්නේය. ඈ වලාපටලයකින් වැසෙන්නේය. ඇගේ දූවරු වහල්කමට යන්නෝය.

19. මෙසේ මම මිසරයෙහි විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි. එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.

20. තවද එකොළොස්වෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සත්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

21. මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝගේ හස්තය මම බින්දෙමි; කඩුව අල්ලන්ට ඒක සවිවෙන පිණිස සුවකරන ඖෂධ දමා, ඒක බැදීමට පටියක් දමා, ඒක බැන්දේ නැත.

22. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව සිටිමි, මම ඔහුගේ බාහු වන සවිවූ එකද බිඳුණු එකද බිඳ, ඔහුගේ අතින් කඩුව වැටෙන්ට සලස්වා,

23. මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි.

24. මම බබිලෝනියේ රජුගේ බාහු බලවත්කොට, මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. ඵාරාවෝගේ බාහු බිඳින්නෙමි, ඔහු මරණීය තුවාල ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානවා ඇත.

25. මම බබිලෝනියේ රජුගේ බාහු උසුලන්නෙමි, ඵාරාවෝගේ බාහු වැටෙන්නේය; මෙසේ මා විසින් බබිලෝනියේ රජුගේ අතට මාගේ කඩුව දී, ඔහු ඒක මිසර දේශයට විරුද්ධව දිගුකරන කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

26. මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.

About එසකියෙල් Chapter 30

Read එසකියෙල් Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 30
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 30 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 30?

එසකියෙල් Chapter 30 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 30 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 24
  2. එසකියෙල් Chapter 5
  3. එසකියෙල් Chapter 28
  4. එසකියෙල් Chapter 45
  5. එසකියෙල් Chapter 40
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. යෝෂුවා Chapter 6
  2. විලාප ගී Chapter 4
  3. 1 සාමුවෙල් Chapter 5
  4. ලෙවී කථාව Chapter 23
  5. ගීතාවලිය Chapter 37
  6. ද්වීතීය කථාව Chapter 25
  7. ගණන් කථාව Chapter 16

Related Chapters & Readings

  1. 2 රාජාවලිය Chapter 9
  2. 1 සාමුවෙල් Chapter 14
  3. ශු. මතෙව් Chapter 5
  4. ශු. මාර්ක් Chapter 6
  5. යෙසායා Chapter 7
  6. යෙසායා Chapter 5
  7. නෙහෙමියා Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *