Read උත්පත්ති Chapter 26 Online
Read උත්පත්ති Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 26
පරිච්ඡේදය 26
1. ආබ්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය.
2. ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මිසරයට නොගොස් මා විසින් ඔබට කියන දේශයෙහි වාසය කරන්න, මේ දේශයෙහි විදේශීව සිටින්න,
3. මම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම ඔබටද ඔබේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම ඔබේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;
4. ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින්
5. ඔබේ වංශය අහසේ තරු මෙන් වැඩිකර ඔබේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. ඔබේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
6. ඊසාක් ගෙරාර්හි වාසයකෙළේය.
7. ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු-ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.
8. ඔහු බොහෝ කලක් එහි වාසයකළ පසු පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාවවූ රෙබෙකාට ආදර කරනවා දුටුවේය.
9. අබිමෙලෙක් ඊසාක් කැඳවා: සැබවින්ම ඈ ඔබේ භාර්යාවය. ඈ මාගේ සහෝදරීයයි ඔබ කීවේ කෙසේදැයි කීය. ඈ නිසා මා නොනසින පිණිස කීයෙමියි ඊසාක් ඔහුට කීවේය.
10. අබිමෙලෙක්: ඔබ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් ඔබේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට ඔබ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය.
11. අබිමෙලෙක් තමාගේ මුළු සෙනඟට අණකරමින්: මේ මනුෂ්‍යයාටවත් ඔහුගේ භාර්යාවටවත් අතගසන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේයයි කීයේය.
12. ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.
13. ඒ මනුෂ්‍යයා පොහොසත් වී, ඉතා පොහොසත් වන තුරු වඩ වඩාම වර්ධනයවුණේය.
14. ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය.
15. ඔහුගේ පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී ඔහුගේ පියාගේ වැඩකාරයන් විසින් හෑරූ සියලු ළින් පිලිස්තිවරුන් විසින් පස් පුරවා වසාදමා තිබුණේය.
16. ඔබ අපට වඩා බොහෝ බලවත් හෙයින් අප කෙරෙන් යන්නැයි අබිමෙලෙක් ඊසාක්ට කීය.
17. ඊසාක් එයින් පිටත්ව ගොස් ගෙරාර් නම් මිටියාවතෙහි කඳවුර පිහිටුවා එහි වාසයකෙළේය.
18. තවද තම පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළින්වලට තැබුවේය.
19. ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය.
20. එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් 26:20 එනම්, තරඟය, විවාදය. යන නම තැබීය.
21. එවිට ඔව්හු වෙන ළිඳක් හෑරුවෝය, ඔවුන් ඒ ගැනත් විවාදකළ බැවින් ඔහු ඊට සිත්නායයි 26:21 එනම්, වෛරය. නම තැබීය.
22. ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාදනොකළෝය. ඔහු ඊට රෙහොබොත්යයි 26:22 එනම්, ඉඩ. නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය.
23. ඔහු එයින් බෙයර්-ෂෙබාට ගියේය.
24. එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම ඔබේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද ඔබ සමඟ සිටිමි, මම ඔබට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා ඔබේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
25. ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය, ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙවුවේය. තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ළිඳක් හෑරුවෝය.
26. එවිට අබිමෙලෙක්ද ඔහුගේ මිත්‍රයාවූ අහුස්සත්ද ඔහුගේ සේනාපතිවූ පීකොල්ද ගෙරාර්හි සිට ඔහු වෙතට ගියෝය.
27. ඊසාක්: ඔබ සැම මට වෛරකොට ඔබ සැම වෙතින් මා යවාලාත් කුමක්හෙයින් මා වෙතට ආවහුදැයි කීය.
28. ඔව්හුද: ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටින බව අපි පැහැදිලි ලෙස දුටිමු. එබැවින් අප අතරෙහි එනම් අප සහ ඔබ අතරෙහි දිවුරුමක් වේවා;
29. අප ඔබට අත නොගැසුවාක් මෙන්ද, ඔබට යහපතමකර සමාදානයෙන් ඔබ යැවුවාක් මෙන්ද, ඔබත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; ඔබ දැන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්තේයයි කීවෝය.
30. ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය, ඔව්හුද කෑවෝය, බීවෝය.
31. අති උදය නැගිට ඔව්හු එකිනෙකා සමඟ දිවුරාගත්තෝය. ඊසාක් ඔවුන් පිටත්කෙළේය, ඔව්හු සමාදානයෙන් ඔහු වෙතින් ගියෝය.
32. තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.
33. ඔහු ඊට ෂීබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය.
34. ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.
35. ඔව්හු ඊසාක්ටද රෙබෙකාටද ශෝක හේතුවක් වූහ.
About උත්පත්ති Chapter 26
Read උත්පත්ති Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 26
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 26?
උත්පත්ති Chapter 26 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 26 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 34
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 22
- 2 ලේකම් Chapter 19
- යෙරෙමියා Chapter 19
- ගීතාවලිය Chapter 70
- ගීතාවලිය Chapter 87
- උත්පත්ති Chapter 2
- 2 රාජාවලිය Chapter 12