ද්වීතීය කථාව Chapter 21

For English

Read ද්වීතීය කථාව Chapter 21 Online

Read ද්වීතීය කථාව Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

ද්වීතීය කථාව 21

පරිච්ඡේදය 21

1. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයෙහි යමෙකු කෙතේ මරාදමා තිබෙනවා සම්බවුණොත්, ඔහු කා විසින් මැරුවාද කියා නොදන්නවා නම්,

2. ඔබේ වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද පිටතට අවුත් ඒ මළකඳ වටේට තිබෙන නුවරවල් දක්වා මැන බලත්වා.

3. එවිට මළකඳට කිට්ටුව තිබෙන නුවර වැඩිමහල්ලෝ වැඩ නොකළාවූ වියගහ නොදැරුවාවූ එළනෑම්බියක් රැළෙන් ගෙන,

4. හාන්ටවත් වපුරන්ටවත් නොයෙදෙන්නාවූ වතුර නිතරම ගලායන්නාවූ මිටියාවතකට ගෙනැවිත්, නෑම්බියගේ බොටුව මිටියාවතේදී කඩත්වා.

5. ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.

6. මළකඳට කිට්ටුව තිබෙන නුවර සියලු වැඩිමහල්ලෝ මිටියාවතේදී බොටුව කඩනු ලැබූ නෑම්බී මත්තේ තමුන්ගේ අත් සෝදා උත්තරදෙමින්:

7. අපේ අත් මේ ලේ වැගිරෙවුවේවත් අපේ ඇස් මෙය දුටුවේවත් නැත.

8. ස්වාමීන්වහන්ස, ඔබ මුදාගත් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි නිදොස් ලේවල වරද නොතබා ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට කමා වුණමැනවයි කියත්වා. එවිට ඒ ලේ ගැන ඔවුන්ට කමාව ලැබේ.

9. මෙසේ ඔබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය ඔබ සැම අතරෙන් පහකළ යුතුය. ගෘහ වාස නීති

10. ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දෙන විට ඔබ ඔවුන් වහල්කමට අල්වාගෙන,

11. ඔවුන් අතරේ රුව ඇති ස්ත්‍රියෙකු දැක ඈට ඇලුම්වී ඈ භාර්යාව කොට ගත්තොත්, ඈ ඔබේ ගෙදරට ගෙනයන්න;

12. ඈ තමාගේ හිස මුඩුකොට, ඇගේ නියපොතු කපා,

13. ඇගේ වහල්කමේ වස්ත්‍රය තමා කෙරෙන් පහකොට, ඔබේ ගෙයි හිඳ පුරා මාසයක් ඇගේ මවුපියන් ගැන වැලපේවා. ඉන් පසු ඔබ ඈ කරා එළඹ ඇගේ පුරුෂයා වන්නෙහිය, ඈද ඔබේ භාර්යාව වන්නීය.

14. ඉදින් ඔබ ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඈ මිලේට නොවිකුණා ඈ කැමති තැනකට යන්ට අරින්න. ඔබ ඈට අගෞරව කළ බැවින් ඈ කෙරෙහි වහලියකු කෙරෙහි මෙන් නොහැසිරිය යුතුය.

15. මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,

16. ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.

17. අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලුඳුලා කොට පිළිගත යුතුය. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන්ගැන්ම ඔහුය; කුලුඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.

18. තමාගේ පියාගේ හඬටත් මවගේ හඬටත් කීකරු නොවෙන්නාවූ, ඔවුන් ඔහුට දඬුවම්කරන නුමුත් ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නාවූ, මුරණ්ඩුවූ, කැරළිකාර පුත්‍රයෙක් යමෙකුට ඇත්නම්,

19. ඔහුගේ මවුපියෝ ඔහු අල්ලා ඔහුගේ නුවර වැඩිමහල්ලන් වෙතටත් ඔහුගේ ස්ථානයේ දොරටුවටත් ගෙන ගොස්:

20. මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා.

21. එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.

22. මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවාවූ යමෙක් ඔබ විසින් ගසක එල්ලනු ලැබුවේනම්,

23. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට ඔබට දෙන දේශය ඔබ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.

About ද්වීතීය කථාව Chapter 21

Read ද්වීතීය කථාව Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 21?

ද්වීතීය කථාව Chapter 21 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 7
  3. ද්වීතීය කථාව Chapter 6
  4. ද්වීතීය කථාව Chapter 16
  5. ද්වීතීය කථාව Chapter 32
  6. ද්වීතීය කථාව Chapter 14
  7. ද්වීතීය කථාව Chapter 5

Explore More from පැරණි ගිවිසුම

  1. 1 රාජාවලිය Chapter 7
  2. 2 රාජාවලිය Chapter 6
  3. ගීතාවලිය Chapter 24
  4. එසකියෙල් Chapter 16
  5. උත්පත්ති Chapter 26
  6. යෙසායා Chapter 34
  7. ගීතාවලිය Chapter 50

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 11
  2. විනිශ්චයකාරයන් Chapter 7
  3. යෝෂුවා Chapter 5
  4. ශු. ලූක් Chapter 10
  5. එසකියෙල් Chapter 14
  6. ද්වීතීය කථාව Chapter 33
  7. 1 රාජාවලිය Chapter 22
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *