ද්වීතීය කථාව Chapter 18

For English

Read ද්වීතීය කථාව Chapter 18 Online

Read ද්වීතීය කථාව Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

ද්වීතීය කථාව 18

පරිච්ඡේදය 18

1. ලෙවීවරුන්වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඉශ්‍රායෙල් සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගිනි-පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය.

2. ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමීන්වහන්සේ ඔවුන්ට කීලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය.

3. සෙනඟගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පුකරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය: ඉස්සරහ ගාතයක්ද දෙකන්සද ආමාශයද පූජකයාට දිය යුතුය.

4. ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද තෙලින්ද ප්‍රථම ඒවාත් ඔබේ බැටළුවන්ගේ ප්‍රථම ලෝමත් ඔහුට දෙන්න.

5. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සහ ඔහුගේ පුත්‍රයන්ද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෑම කල්හිම සේවයකිරීමට සිටින පිණිස ඔබේ සියලු ගෝත්‍රවලින් ඔහු තෝරාගත්සේක.

6. මුළු ඉශ්‍රායෙල්හි කොතන නුමුත් තිබෙන ඔබේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,

7. එහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින ලෙවීවරුන් වන තමාගේ සියලු සහෝදරයන් කරන්නාක් මෙන් ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සේවය කෙරේවා.

8. තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.

9. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.

10. තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,

11. මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.

12. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.

13. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න.

14. මක්නිසාද ඔබ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් ඔබට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.

15. මා සමාන අනාගතවක්තෘකෙනෙකු ඔබ සැම අතරෙන් ඔබේ සහෝදරයන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට නැගුටුවා දෙනවා ඇත; ඔබ සැම එතුමාට ඇහුම්කන් දෙන්නහුය.

16. ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී ඔබ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබ ඉල්ලුවෙහිය.

17. ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය.

18. මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඔබ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.

19. මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.

20. එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.

21. ඉදින් ස්වාමීන්වහන්සේ නොකී වචනය අපි කෙසේ දනිමුදැයි ඔබේ සිතින් කියන්නෙහි නම්,-

22. අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.

About ද්වීතීය කථාව Chapter 18

Read ද්වීතීය කථාව Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 18?

ද්වීතීය කථාව Chapter 18 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 7
  3. ද්වීතීය කථාව Chapter 6
  4. ද්වීතීය කථාව Chapter 16
  5. ද්වීතීය කථාව Chapter 32
  6. ද්වීතීය කථාව Chapter 14
  7. ද්වීතීය කථාව Chapter 29

Explore More from පැරණි ගිවිසුම

  1. විලාප ගී Chapter 1
  2. ගීතාවලිය Chapter 50
  3. ගීතාවලිය Chapter 70
  4. 1 සාමුවෙල් Chapter 16
  5. ලෙවී කථාව Chapter 9
  6. 2 ලේකම් Chapter 5
  7. විනිශ්චයකාරයන් Chapter 17

Related Chapters & Readings

  1. එස්රා Chapter 5
  2. ගීතාවලිය Chapter 78
  3. ගීතාවලිය Chapter 80
  4. යෙසායා Chapter 55
  5. නෙහෙමියා Chapter 13
  6. එළිදරව් Chapter 1
  7. ගණන් කථාව Chapter 12
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *