සෙකරියා Chapter 10

For English

Read සෙකරියා Chapter 10 Online

Read සෙකරියා Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of සෙකරියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of සෙකරියා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

සෙකරියා 10

පරිච්ඡේදය 10

1. අන්තිම වර්ෂා කාලයට ස්වාමීන්වහන්සේගෙන්, එනම් විදුලිකොටවන ස්වාමීන්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න; උන්වහන්සේද ඔවුන්ට තද වර්ෂාවත් එකිනෙකාට පිට්ටනියෙහි තෘණත් දෙනවා ඇත.

2. තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.

3. මාගේ උදහස එඬේරුන්ට විරුද්ධව ඇවිළී තිබේ, මම එළුවන්ගෙන් පිරිමි සතුන්ට දඬුවම්කරන්නෙමි. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ රැළවූ යූදා වංශය බලා, යුද්ධයේදී ඔවුන් තමන්ගේ ශෝභන සෛනේධවයා මෙන් කරනසේක.

4. ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත.

5. ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.

6. මම යූදා වංශය බලවත්කර, යෝසෙප් වංශය ගළවා, ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට අනුකම්පාකරමි; ඔව්හුද මා විසින් ඔවුන් අහක නොදැමුවාක්මෙන් සිටින්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, මම ඔවුන්ගේ බස් අසන්නෙමි.

7. එප්‍රායිම්වරු බලවන්තයෙකු මෙන් වන්නෝය, ඔවුන්ගේ සිත්ද මුද්‍රිකපානයෙන් මෙන් ප්‍රීතිවන්නේය. එසේය, ඔවුන්ගේ දරුවෝත් ඒ දැක ප්‍රීතිවන්නෝය; ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය.

8. මම ඔවුන් කැඳවා රැස්කරන්නෙමි; මක්නිසාද මම ඔවුන් මුදාගත්තෙමි. ඔව්හු වැඩිවී සිටින්නාක්මෙන්ම වැඩිවන්නෝය.

9. මම ඔවුන් ජනයන් අතරෙහි වපුරන්නෙමි; ඔවුන් දුරු රටවලදී මා සිහිකොට, තමුන්ගේ දරුවන් සමඟ ජීවත්ව සිට හැරී එනවා ඇත.

10. මම ඔවුන් මිසර දේශයෙන් නැවත ගෙනෙන්නෙමි, අෂූර් දේශයෙන් ඔවුන් රැස්කර, ගිලියද් දේශයටත් ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; ඒත් ඔවුන්ට ඉඩ මදිවන්නේය.

11. විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිදීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.

12. මම ඔවුන් ස්වාමීන්වහන්සේ තුළ බලවත්කරන්නෙමි; ඔව්හු උන්වහන්සේගේ නාමයෙන් හැසිරෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

About සෙකරියා Chapter 10

Read සෙකරියා Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of සෙකරියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: සෙකරියා
Chapter: 10
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading සෙකරියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading සෙකරියා Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is සෙකරියා Chapter 10?

සෙකරියා Chapter 10 is part of the Book of සෙකරියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete සෙකරියා Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from සෙකරියා

  1. සෙකරියා Chapter 12
  2. සෙකරියා Chapter 2
  3. සෙකරියා Chapter 5
  4. සෙකරියා Chapter 3
  5. සෙකරියා Chapter 4
  6. සෙකරියා Chapter 6
  7. සෙකරියා Chapter 14

Related Chapters & Readings

  1. ශු. ලූක් Chapter 4
  2. දේශනාකාරයා Chapter 10
  3. ලෙවී කථාව Chapter 25
  4. ගීතාවලිය Chapter 83
  5. හෙබ්රෙනව් Chapter 1
  6. දේශනාකාරයා Chapter 11
  7. නික්මයාම Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *