Read ද්වීතීය කථාව Chapter 11 Online
Read ද්වීතීය කථාව Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 11
පරිච්ඡේදය 11
1. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.
2. මා අද දවසේ කථාකරන්නේ ඔබ සැමගේ දරුවන් සමඟ නොවන බව දැනගන්න. ඔවුන් වනාහි ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දඬුවමද උන්වහන්සේගේ මහන්තත්ත්වයද බලවත් හස්තයද දිගුකළ බාහුවද,
3. උන්වහන්සේ මිසරය මැදදී මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ මුළු දේශයටත් දැක්වූ ලකුණුද ක්‍රියාවන්ද,
4. උන්වහන්සේ මිසරයේ යුද්ධ සේනාව සහ ඔවුන්ගේ අශ්වයන්ටත් රථවලටත් කළ දෙය එනම් ඔවුන් ඔබ සැම ලුහුබැඳ එද්දී උන්වහන්සේ රතු මුහුදේ වතුර ඔවුන් පිටට පමුණුවා අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔවුන් විනාශ කළ හැටිද,
5. ඔබ සැම මෙතැනට එන තෙක් උන්වහන්සේ කාන්තාරයේදී ඔබ සැමට කළ දෙයද,
6. උන්වහන්සේ රූබෙන්ගේ පුත්‍රයා වන එලියාබ්ගේ පුත්‍රයන්වූ දාතාන් සහ අබිරාම්ට කළ දෙය එනම් පොළොව ඇගේ මුඛය ඇර ඔවුන් සහ ඔවුන්ගේ පවුල්ද කූඩාරම්ද ඔවුන් අනුව ගිය පණ ඇති සියල්ලන්ද මුළු ඉශ්‍රායෙල් මධ්‍යයෙහි ගිලගත් හැටිද දන්නේවත් දුටුවේවත් නැත.
7. නුමුත් ඔබ සැම ස්වාමීන්වහන්සේ කළාවූ සියලු මහත් ක්‍රියා ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය.
8. එබැවින් ඔබ සැම ශක්තිමත්ව සිට ඔබ සැම විසින් හිමිකර ගැනීමට එතරව යන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිසද,
9. ඔබ සැමගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද ඔබ සැමට අණකරන මුළු ආඥාව පවත්වන්න.
10. මක්නිසාද ඔබ සැම හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය ඔබ සැම පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ.
11. නුමුත් ඔබ සැම විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය;
12. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එය කෙරෙහි යොමුවී තිබේ.
13. ඉදින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද ඔබ සැමට අණකරන මාගේ අණට ඔබ සැම ඇත්තටම කීකරුවුණොත්,
14. ඔබේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට ඔබ සැමගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.
15. ඔබ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවුන්ට ඔබේ පිට්ටනිවල තණකොළ හටගන්වා දෙන්නෙමි.
16. ඔබ සැමගේ සිත් රැවටී, ඔබ සැම අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න.
17. එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; ඔබ සැමද ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත.
18. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයෙහි ඔබ සැමගේ දවස්ද ඔබ සැමගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස,
19. ඔබ සැම මාගේ මේ වචන ඔබ සැමගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා ඔබ සැමගේ අත්වල ලකුණක් පිණිස බැඳ, ඔබ සැමගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න.
20. ඔබ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් ඔබ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා ඔබ සැමගේ දරුවන්ට උගන්වන්න.
21. ඒවා ඔබේ ගෙයි උළුවහුද ඔබේ දොරවල්ද පිට ලියන්න.
22. මක්නිසාද මා ඔබ සැමට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස ඔබ සැම ඇත්තටම එය පවත්වනවා නම්,
23. ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නාදමනවා ඇත, ඔබ සැමද ඔබ සැමට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.
24. ඔබ සැමගේ පා තබන සියලු තැන් ඔබ සැමට වන්නේය. ඔබ සැමගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පශ්චිම මුහුද දක්වාම වන්නේය.
25. ඔබ සැමට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නොහැකි වන්නේය. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම නිසා ඇතිවන්නාවූ භයද තැතිගැන්මද උන්වහන්සේ ඔබ සැම පය තබන මුළු දේශය පිට තබනවා ඇත.
26. මම අද ඔබ සැම ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි;
27. ආශීර්වාදය වන්නේ මා අද ඔබ සැමට අණකරන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට ඔබ සැම කීකරුවුණොත්ය.
28. ශාපය වන්නේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, ඔබ සැම නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද ඔබ සැමට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.
29. තවද ඔබ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පැමිණෙවු කල්හි ගෙරිසීම් කන්ද පිට ආශීර්වාදයද ඒබාල් කන්ද පිට ශාපයද තබන්න. 11:29 නොහොත්, ප්‍රකාශකරන්න.
30. ඒවා යොර්දානෙන් එතර බස්නාහිර පාරට එහායින් අරබා සමභූමියෙහි වාසයකරන කානානිවරුන්ගේ රටෙහි ගිල්ගාල් ඉදිරිපිටවූ මොරේගේ ආලොන් ගස් ළඟ තිබෙනවා නොවේද?
31. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්න පිණිස ඔබ සැම යොර්දානෙන් එතරට යන්ට සිටිනහුය, ඔබ සැම ඒක හිමිකරගෙන එහි වාසය කරන්නහුය.
32. මා විසින් අද ඔබ සැම ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.
About ද්වීතීය කථාව Chapter 11
Read ද්වීතීය කථාව Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 11
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 11?
ද්වීතීය කථාව Chapter 11 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 5
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 29
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 13
- සෙකරියා Chapter 12
- ගීතාවලිය Chapter 12
- ගීතාවලිය Chapter 18
- උත්පත්ති Chapter 2
- ගීතාවලිය Chapter 95
- යෙසායා Chapter 66