Read ද්වීතීය කථාව Chapter 19 Online
Read ද්වීතීය කථාව Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 19
පරිච්ඡේදය 19
1. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි සිටින ජාතීන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් සිඳ දමන කල්හි, ඔබ ඔවුන්ගේ දේශය හිමිකරගෙන ඔවුන්ගේ නුවරවල සහ ගෙවල්වල වාසයකරන විට:
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන ඔබේ දේශය මධ්‍යයෙහි නුවරවල් තුනක් වෙන්කර ගන්න.
3. මිනීමරන සියල්ලන් එහි පලායන පිණිස මගහරිගස්සා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන ඔබේ දේශයේ සීමාව තුන් කොටසකට බෙදන්න.
4. එහි පලාගොස් ජීවත්වෙන්ට සුදුසු වූ මිනීමරන්නා නම් පළමු තමාගේ අසල්වාසියා කෙරේ වෛරයක් නොතිබී අත් වැරැද්දෙන් ඔහු මරන තැනැත්තාය.
5. යම් මනුෂ්‍යයෙක් ලී කපන්ට තමාගේ අසල්වාසියා සමඟ වනයට ගොස් ගස කපා හෙළන්ට පොරොව ගෙන තමාගේ අත එසෙවූ කල්හි පොරෝ තලය මිටෙන් ගැළවී ඔහුගේ අසල්වාසියා පිට වැටීමෙන් ඔහු මළොත්, එසේ මිනී මරන තැනැත්තේ ජීවත්වන පිණිස ඒ නුවරවලින් එකකට පලායේවා.
6. නැත්නම් සමහරවිට පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛර නොකළ බැවින්, ඔහු මරනු ලබන්ට නුසුදුසු නුමුත්, ලෙයෙහි පළිය ගන්නාගේ සිත කෝපව තිබෙන කල්හි ඔහු පස්සේ එලවාගෙන ගොස්, ගමන දුර නිසා ඔහු කරා පැමිණ ඔහු මරනවා ඇත.
7. එබැවින් නුවරවල් තුනක් ඔබට වෙන්කර ගන්නැයි කියා ඔබට අණකරමි.
8. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ ප්‍රේමකරමින් උන්වහන්සේගේ මාර්ගවල නිතරම හැසිරෙන හැටියට මා අද ඔබට අණ කරන මේ මුළු ආඥාව ඔබ පවත්වන්ට බලාගන්න විට,
9. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ලෙස ඔබේ සීමාව විශාලකරමින් උන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙන පිණිස පොරොන්දුවූ මුළු දේශය ඔබට දෙනසේක් නම්,
10. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට උරුමයක් කොටදෙන ඒ දේශය මධ්‍යයෙහි නිදොස් ලේ වැගිරවීමෙන් ඔබ පිටට ලෙයේ දෝෂය නොපැමිණෙන පිණිස, මේ නුවරවල් තුන හැර තවත් තුනක් වෙන්කර ගන්න.
11. එහෙත් යමෙක් තමාගේ අසල්වාසියා කෙරෙහි වෛරයක් ඇතුව ඔහු ගැන රැකසිට ඔහුට විරුද්ධව නැගිට ඔහුට මැරෙන්ට පහරදී මේ නුවරවලින් එකකට පලායන්නේනම්,
12. ඔහුගේ නුවර වැඩිමහල්ලෝ එතැනින් ඔහු ගෙන්වාගෙන ඔහු මැරෙණ පිණිස ලෙයෙහි පළිය ගන්නාගේ අතට ඔහු පාවාදෙත්වා.
13. ඔබේ ඇස ඔහු කෙරෙහි දයානොකෙරේවා, ඔබට ශුභ සිද්ධවන පිණිස ඉශ්‍රායෙල් කෙරෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය පහකරන්න.
14. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයෙහි ඔබට උරුමවෙන්නාවූ ඔබේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ ඔබේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.
15. කොයි අපරාධයකට නුමුත්, මනුෂ්‍යයෙක් කරන පාපවල් අතරෙන් කොයි පාපයකට නුමුත්, එක සාක්ෂිකාරයෙක් කිසිවෙකුට විරුද්ධව නොනැගිටීවා. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ මුඛයෙන් කාරණයක් ස්ථිර වන්නේය.
16. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙක් යමෙකු පිට වරද තබන පිණිස ඔහුට විරුද්ධව නැගුටුණොත්,
17. ඒ නඩුව ඇති මනුෂ්‍යයෝ දෙන්නාම ස්වාමීන්වහන්සේ ඉදිරියට එනම් ඒ දවස්වල සිටින පූජකයන්ද විනිශ්චයකාරයන්ද ඉදිරියට පැමිණෙත්වා;
18. විනිශ්චයකාරයෝද හොඳාකාරයෙන් විභාගකරත්වා. එවිට ඔහු බොරු සාක්ෂිකාරයෙක් බවත් තමාගේ සහෝදරයාට විරුද්ධව බොරු සාක්ෂි කී බවත් පෙනුණොත්,
19. ඔහු තමාගේ සහෝදරයාට කරන්ට සිතූ හැටියටම ඔහුට කරන්න. මෙසේ ඔබ සැම අතරෙන් නපුර පහකරන්න.
20. සෙස්සෝ ඒ අසා භයව එයාකාර නපුරු දෙයක් ඔබ සැම අතරෙහි තවත් නොකර සිටින්නාහුය.
21. ඔබේ ඇස දයා නොකෙරේවා; ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනුලැබේ, ඇස හිලව්වට ඇසක්ය, දත හිලව්වට දතක්ය, අත හිලව්වට අතක්ය, පය හිලව්වට පයක්ය.
About ද්වීතීය කථාව Chapter 19
Read ද්වීතීය කථාව Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 19
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 19?
ද්වීතීය කථාව Chapter 19 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 19 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 12
- ද්වීතීය කථාව Chapter 5
Explore More from පැරණි ගිවිසුම
- 2 රාජාවලිය Chapter 24
- ගීතාවලිය Chapter 128
- 2 සාමුවෙල් Chapter 20
- ද්වීතීය කථාව Chapter 16
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 3
- ගීතාවලිය Chapter 93