Read ද්වීතීය කථාව Chapter 16 Online
Read ද්වීතීය කථාව Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 16
පරිච්ඡේදය 16
1. ආබීබ් මාසය සිහිකර ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්න. මක්නිසාද ආබීබ් මාසයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
2. එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.
3. ඔබ මිසර දේශයෙන් පිටතට ආ දවස ඔබේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද ඔබ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.
4. සත් දවසක් ඔබේ සියලු සීමා ඇතුළත ඔබ ළඟ මුහුන් නොතිබේවා; ඔබ පළමුවෙනිදා සවස පූජාකරන මාංසවලින් කිසිවක් උදය දක්වා ඉතිරිව නොතිබේවා.
5. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,
6. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී, සවස ඉර බසින විට, එනම් මිසරයෙන් ඔබ පිටතට ආ කාලයේ, ඔබ පාස්කුව පූජාකරන්න.
7. තවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී ඒක පුලුස්සා කා, උදය ඔබේ කූඩාරම්වලට හැරී යන්න.
8. සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.
9. සති සතක් ඔබට ගණන්කරගන්න. දෑකැත්ත ගොයමට යොදන තැන් පටන් ඒ සති සත ගණන්කරන්ට පටන් ගන්න.
10. එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන හැටියට ඔබේ අතින් සිය කැමැත්තෙන් දෙන්නාවූ පූජා පඬුරකින් සති මංගල්‍යය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන්න.
11. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද ඔබ සැම අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
12. ඔබ මිසරයෙහි වහලෙක්ව සිටි බව සිහිකරමින්, මේ පනත් රක්ෂාකරන්ට බලාගන්න.
13. ඔබේ පාවරෙන්ද මිදිපැසෙන්ද රැස්කරගත් පසු දවසක් කූඩාරම් මංගල්‍යය පවත්වන්න.
14. ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න.
15. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ මුළු අස්වැන්නෙන්ද ඔබේ අත්වල සියලු වැඩවලදීද ඔබට ආශීර්වාද කරනවා ඇත, ඔබද මුළුමනින් ප්‍රීතිමත්වන්න.
16. අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද ඔබේ සියලු පිරිමි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී,
17. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා.
18. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන සියලු දොරටුවල ඔබේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.
19. ඔබ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.
20. ඔබ ජීවත්ව ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශය උරුමකරගන්න පිණිස ධර්මිෂ්ඨකමම අනුව යන්න.
21. ඔබ සාදන්නාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය ළඟ කිසියම් වෘක්ෂයකින් කළ අෂේරා කණුවක් සිටුවානොගන්න.
22. ඔබට රූපස්තම්භයක්ද පිහිටුවා නොගන්න; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඊට ද්වේෂකරනසේක.
About ද්වීතීය කථාව Chapter 16
Read ද්වීතීය කථාව Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 16
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 16?
ද්වීතීය කථාව Chapter 16 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 16 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 12
- ද්වීතීය කථාව Chapter 5
- ද්වීතීය කථාව Chapter 29
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 9
- ගීතාවලිය Chapter 124
- 1 ලේකම් Chapter 12
- 1 සාමුවෙල් Chapter 5
- ගීතාවලිය Chapter 97
- 2 සාමුවෙල් Chapter 9
- යෙරෙමියා Chapter 4