ද්වීතීය කථාව Chapter 23

For English

Read ද්වීතීය කථාව Chapter 23 Online

Read ද්වීතීය කථාව Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

ද්වීතීය කථාව 23

පරිච්ඡේදය 23

1. කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය;

2. අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.

3. අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.

4. මක්නිසාද ඔබ සැම මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන ඔබ සැමගේ පෙරමගට නා නිසාත් ඔබට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් ඔබ සැමට විරුද්ධව කුලියට ගත් නිසාත්ය.

5. එසේ වූවත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ප්‍රේමකළ බැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක.

6. ඔබේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න.

7. ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු ඔබේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔබ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.

8. තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.

9. ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න.

10. රාත්‍රියේ ධාතුපහවීමක් නිසා අපිරිසිදුවන මනුෂ්‍යයෙක් ඔබ සැම අතරෙහි වේනම්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් කඳවුරට ඇතුල් නොවී සිට,

11. සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.

12. එළියට යන පිණිස ඔබට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා.

13. ඔබේ ආයුධ අතරේ හාරන හැන්දක් ඔබ ළඟ තිබිය යුතුය; ඔබ එළියට ගියාම ඒකෙන් හාරා ඔබ පහරන දේ පස්සට හැරී වසන්න.

14. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ගළවා ඔබේ සතුරන් ඔබට පාවාදෙන පිණිස ඔබේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ ඔබ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක ඔබෙන් අහක්ව නොයන පිණිස ඔබේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.

15. තමාගේ ස්වාමියා කෙරෙන් ගැළවී ඔබ ළඟට එන වාලෙක් තමාගේ ස්වාමියාට භාරනොදෙන්න.

16. ඔහු තමාට හොඳව පෙනෙනලෙස ඔබේ නුවරවලින් එකක් තුළ තමා තෝරාගන්න ස්ථානයෙහි ඔබ සැම අතරෙහි වාසයකරාවා. ඔහුට පීඩා නොකරන්න.

17. ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.

18. වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේකුලීවත් කිසියම් බාරයක් පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

19. පොලීගන්න පිණිස ඔබේ සහෝදරයාට මුදල්වත් ආහාරවත් මිනිසුන් විසින් පොලියට දෙන කිසි දෙයක්වත් ණයට නොදෙන්න.

20. විදේශියෙකුට පොලියට දෙන්ට ඔබට පුළුවන; නුමුත් ඔබ හිමි කරගන්ට යන දේශයෙහි ඔබ අත තබන සියල්ලේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන පිණිස ඔබේ සහෝදරයාට පොලියට නොදෙන්න.

21. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබෙන් අයකරනවාම ඇත; ඒක ඔබට පාපයක් වේ.

22. එහෙත් ඔබ බාරයක් නොවී සිටියොත් එයින් ඔබට පාපයක් නැත.

23. ඔබේ තොල්වලින් පිටත්වුණු දෙය පවත්වමින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ විසින් ගිවිසුම් කළාවූ ඔබේ කටින් පොරොන්දුවුණාවූ ස්වෙච්ඡා පූජාව ඉෂ්ටකරන්න.

24. ඔබේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි ඔබ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල ඔබට කන්ට පුළුවන; නුමුත් ඔබේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.

25. ඔබේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි ඔබේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් ඔබේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.

About ද්වීතීය කථාව Chapter 23

Read ද්වීතීය කථාව Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 23
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 23?

ද්වීතීය කථාව Chapter 23 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 7
  3. ද්වීතීය කථාව Chapter 6
  4. ද්වීතීය කථාව Chapter 16
  5. ද්වීතීය කථාව Chapter 32
  6. ද්වීතීය කථාව Chapter 14
  7. ද්වීතීය කථාව Chapter 29

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 40
  2. 2 රාජාවලිය Chapter 11
  3. යෝබ් Chapter 15
  4. ගීතාවලිය Chapter 111
  5. 2 සාමුවෙල් Chapter 12
  6. ගීතාවලිය Chapter 39
  7. 2 ලේකම් Chapter 4

Related Chapters & Readings

  1. 1 රාජාවලිය Chapter 3
  2. යෙසායා Chapter 31
  3. ගලාති Chapter 6
  4. ශු. යොහන් Chapter 13
  5. ගීතාවලිය Chapter 130
  6. යෙරෙමියා Chapter 18
  7. එළිදරව් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *