Read ද්වීතීය කථාව Chapter 6 Online
Read ද්වීතීය කථාව Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 6
පරිච්ඡේදය 6
1. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් ඔබේ දවස් වැඩිවෙන පිණිසත්,
2. ඔබ සැම හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට ඔබ සැමට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
3. එබැවින් ඉශ්‍රායෙල්, ඔබට ශුභ සිද්ධවන පිණිසත් ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී ඔබ සැම අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.
4. එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය.
5. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.
6. මා විසින් අද ඔබට අණකරන මේ වචන ඔබේ සිතේ තිබේවා.
7. ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මග යන කලද ඔබ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.
8. ඒවා ඔබේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා ඔබේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.
9. ඒවා ඔබේ ගෙයි උළුවහු පිටද ඔබේ දොරවල් පිටද ලියන්න.
10. ඔබට දෙන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළාවූ දේශයට ඔබ පැමිණෙවු කල්හිත්, ඔබ ගොඩ නොනැගුවාවූ විශාලවූ හොඳවූ නුවරවල්ද,
11. ඔබ නොපිරෙවුවාවූ, සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද ඔබ නොකැපුවාවූ කපා තිබෙන තටාකද ඔබ නොහිටෙවු මිදිවතුද ඔලීව ගස්ද ඔබ විසින් ලබාගන කාලා තෘප්තියට පැමුණුණ කල්හිත්,
12. මිසර දේශය වන වහල්කමේ ගෙයින් ඔබ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.
13. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ6:13 එනම්, උන්වහන්සේගේ නාමය සහතිකයක් කොට කියා සිටින්ටත්. නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.
14. අන් දෙවිවරුන් වන ඔබ සැම වටකර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න;
15. එසේ කළොත් ඔබ සැම මධ්‍යයෙහි වැඩ සිටින ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අන්‍ය භක්ති6:15 හෙවත්, ස්වගෞරවය රක්ෂාකරන්නාවූ. නොඉවසන්නාවූ දෙවිකෙනෙක් බැවින්, උන්වහන්සේගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ ඔබ පොළොව මතුපිටින් විනාශකරනවා ඇත.
16. මස්සාහිදී කළාක් මෙන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂානොකරන්න.
17. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න.
18. ඔබට ශුභ සිද්ධවන පිණිසද ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්ට දිවුළ යහපත් දේශයට ඇතුල්ව එය හිමිකරගන්නා පිණිසද ස්වාමීන්වහන්සේ කී ලෙස ඔබේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් එළවා දමන පිණිසද,
19. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරිව යහපත්ව පෙනෙන දේ කරන්න.
20. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට,
21. ඔබේ පුත්‍රයාට උත්තරදෙමින්: අපි මිසරයෙහි ඵාරාවෝගේ දාසයෝව සිටියෙමුව; ස්වාමීන්වහන්සේද බලවත් හස්තයකින් අප මිසරයෙන් පිටතට ගෙනාසේක;
22. මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට,
23. අපේ පියවරුන්ට දෙන්ට දිවුළ දේශයට අප පමුණුවා, ඒක අපට දෙන පිණිස එතැනින් පිටතට අප ගෙනාසේක.
24. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප විසින් භයවෙන පිණිසත් සෑම කල්ම අපට ශුභසිද්ධවෙන පිණිසත් අද දවසේ මෙන් අප ජීවමානව රක්ෂාකරන පිණිසත් මේ සියලු පනත් ඉෂ්ටකරන්ට ස්වාමීන්වහන්සේ අපට අණකළසේක.
25. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමුනම් ඒ අපට ධර්මිෂ්ඨකම වන්නේයයි කියන්න.
About ද්වීතීය කථාව Chapter 6
Read ද්වීතීය කථාව Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 6
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 6?
ද්වීතීය කථාව Chapter 6 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 6 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 12
- ද්වීතීය කථාව Chapter 5
- ද්වීතීය කථාව Chapter 29
Explore More from පැරණි ගිවිසුම
- උත්පත්ති Chapter 31
- ගීතාවලිය Chapter 141
- 1 සාමුවෙල් Chapter 21
- විනිශ්චයකාරයන් Chapter 19
- 2 සාමුවෙල් Chapter 20
- 1 රාජාවලිය Chapter 5
- ගීතාවලිය Chapter 73