ද්වීතීය කථාව Chapter 8

For English

Read ද්වීතීය කථාව Chapter 8 Online

Read ද්වීතීය කථාව Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ද්වීතීය කථාව 8

පරිච්ඡේදය 8

1. ඔබ සැම ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් ඔබට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.

2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ යටහත්කර, ඔබ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා ඔබ රක්ෂාකරනවාද නැද්දැයි ඔබේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි ඔබ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.

3. උන්වහන්සේ ඔබ යටත්කොට, ඔබ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් ඔබට දන්වාදෙන පිණිස, ඔබ දැනනොගෙන සිටියාවූ ඔබේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් ඔබ පෝෂණයකළසේක.

4. මේ සතළිස් අවුරුද්දේ ඔබේ වස්ත්‍ර ඔබ පිට පරණ නොවීය, ඔබේ පාද ඉදිමුණේ නැත.

5. මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දඬුවම්කරන බව ඔබේ සිතින් කල්පනාකරන්න.

6. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.

7. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය;

8. එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය;

9. ඒ දේශයේ ඔබට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී ඔබට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් ඔබට පිත්තල හාරාගන්ට පුළුවන.

10. ඔබ කා තෘප්තියට පැමිණ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.

11. මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.

12. ඔබ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩ නගා එහි වාසය කරන කල්හිත්,

13. ඔබේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් වැඩිවී, ඔබේ රන් රිදීද වැඩිවී, ඔබට ඇති සියල්ලම වර්ධනයවූ කල්හිත්,

14. ඔබේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් ඔබ පිටතට ගෙනාවාවූ, ඔබේ මතු කාලයේදී ඔබට යහපත කිරීමට ඔබ යටහත්කර ඔබ සෝදිසිකරන පිණිස,

15. ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් ඔබ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් ඔබට වතුර නික්මවා දී,

16. ඔබේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී ඔබ පෝෂණයකළාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:

17. මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි ඔබේ සිතින් නොකියන හැටියටද බලාගන්න.

18. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද ඔබේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස ඔබට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.

19. තවද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, ඔබ සැම සැබවින් විනාශ වෙන බවට අද මම ඔබ සැමට විරුද්ධව සාක්ෂිදෙමි.

20. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට ඔබ සැම නොකැමතිවූ බැවින් උන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් ඔබ සැමත් විනාශවෙනවා ඇත.

About ද්වීතීය කථාව Chapter 8

Read ද්වීතීය කථාව Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 8
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 8?

ද්වීතීය කථාව Chapter 8 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 8 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 7
  3. ද්වීතීය කථාව Chapter 16
  4. ද්වීතීය කථාව Chapter 6
  5. ද්වීතීය කථාව Chapter 32
  6. ද්වීතීය කථාව Chapter 12
  7. ද්වීතීය කථාව Chapter 5

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 2
  2. ලෙවී කථාව Chapter 15
  3. හිතෝපදේශ Chapter 27
  4. යෙසායා Chapter 21
  5. ලෙවී කථාව Chapter 8
  6. එසකියෙල් Chapter 10
  7. 2 රාජාවලිය Chapter 22

Related Chapters & Readings

  1. 1 ලේකම් Chapter 6
  2. එසකියෙල් Chapter 43
  3. රෝම Chapter 2
  4. ශු. මතෙව් Chapter 27
  5. 2 ලේකම් Chapter 12
  6. යෝබ් Chapter 22
  7. යෙරෙමියා Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *