Read ද්වීතීය කථාව Chapter 24 Online
Read ද්වීතීය කථාව Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 24
පරිච්ඡේදය 24
1. මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා.
2. ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන.
3. දෙවෙනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටකරන්නේ නම්, නොහොත් ඈ භාර්යාකොට ගත් දෙවෙනි පුරුෂයා නසින්නේ නම්,
4. ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට වරද නොපමුණුවන්න.
5. භාර්යාවකු අලුත පාවාගත් මනුෂ්‍යයෙක් යුද්ධ සේනාව සමඟ පිටත්ව නොයේවා; කිසි වැඩක්ද ඔහුට භාරදෙනු නොලැබේවා. ඔහු අවුරුද්දක් ගෙදර නිදහස්ව සිට තමා පාවාගත් භාර්යාව සන්තෝෂ කෙරේවා.
6. කිසිවෙක් ඇඹරුම් යන්ත්‍රයවත් උඩ ගලවත් උකසට නොගනීවා. මක්නිසාද එය ප්‍රාණය උකසට ගැනීම වේ.
7. යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න.
8. කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් ඔබ සැමට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.
9. ඔබ සැම මිසරයෙන් ආ කල ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මගදී මිරියාම්ට කළ දේ සිහිකරන්න.
10. ඔබේ අසල්වාසියාට ඔබ කිසිවක් ණයට දෙන කල ඔහුගේ උකස ගැනීමට ඔහුගේ ගෙට ඇතුල්නොවී, පිටත සිටින්න,
11. ඔබෙන් ණයට ගන්න තැනැත්තා උකස ඔබ ළඟට පිටතට ගෙනේවා.
12. ඔහු දිළිඳෙක් නම් ඔහුගේ උකස ඔබ ළඟ තිබෙද්දී නිදානොගන්න.
13. ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද ඔබට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස ඔබ විසින් ඔහුට දිය යුතුමය. ඒක ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබට ධර්මිෂ්ඨකම වන්නේය.
14. ඔබේ සහෝදරයන්ගෙන් හෝ ඔබේ දේශයෙහි ඔබේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න.
15. ඔහු ඔබට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොර නොගසන පිණිසද එය ඔබට පාපය නොවන පිණිසද ඉර බසින්ට පළමුවෙන් ඔහුගේ දවසේ කුලී ඔහුට දෙන්න; මක්නිසාද ඔහු දිළිඳුය, ඔහුගේ ආශාවද ඒ කෙරෙහි තබා තිබේ.
16. දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.
17. විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්‍රය උකසට නොගන්න.
18. ඔබ මිසරයෙහි වහලෙක්ව සිටි බවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් ඔබ මුදාගත් බවද සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට ඔබට අණකරමි.
19. ඔබේ කෙතෙහි ගොයම් කපන කල්හි කෙතේ ගොයම් මිටියක් මතකනැතිවුණොත් ඒක ගෙනෙන්ට ආපසු නොයන්න. ඔබේ අතේ ඇති සියලු වැඩපලවලදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන පිණිස ඒක විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
20. ඔබේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
21. ඔබේ මුද්‍රික වලු කපාගැනීමේදී ඉතිරි ඒවා නැවත නෙළානොගන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
22. ඔබ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට ඔබට අණකරමි.
About ද්වීතීය කථාව Chapter 24
Read ද්වීතීය කථාව Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 24
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 24?
ද්වීතීය කථාව Chapter 24 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 24 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 5
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 29
Explore More from පැරණි ගිවිසුම
- නාහුම් Chapter 1
- මීකා Chapter 5
- ගීතාවලිය Chapter 39
- ගීතාවලිය Chapter 120
- එස්තර් Chapter 5
- නික්මයාම Chapter 29
- හබක්කුක් Chapter 1