හොෂෙයා Chapter 5

For English

Read හොෂෙයා Chapter 5 Online

Read හොෂෙයා Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of හොෂෙයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හොෂෙයා and the Holy Bible online.

Choose a Chapter

හොෂෙයා 5

පරිච්ඡේදය 5

1. පූජකයෙනි, මෙය අසන්න, ඉශ්‍රායෙල් වංශය, ඇහුම්කන්දෙන්න, රාජ වංශය නුඹලාත් කන්යොමුකරන්න; කුමක් හෙයින්ද නුඹලා මිශ්පායෙහි මලපතක්ව තාබොර් උඩ අතුරාපු දැලක්ව සිටින නිසා මේ විනිශ්චය නුඹලාට විරුද්ධය.

2. විපක්ෂවාදීහු භයානක ලෙස මරණ සිදුකළෝය; නුමුත් මම ඔවුන් සියල්ලන්ට දඬුවම්කරමි.

3. මම එප්‍රායිම් අඳුනමි, ඉශ්‍රායෙල්ද මාගෙන් සැඟවී නැත. මක්නිසාද, එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකම්කර තිබේ, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටියි.

4. තමුන්ගේ දෙවියන්වහන්සේ වෙතට හැරීඑන්ට ඔවුන්ගේ ක්‍රියාවලින් අවකාශ නොලැබේ. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් තුළ තිබේ, ඔව්හු ස්වාමීන්වහන්සේ නෑඳින සිටිති.

5. ඉශ්‍රායෙල්ගේ අහංකාරකම [වූ දේවරූප] ඔහුගේ මුහුණ ඉදිරියෙහිම සාක්ෂිදෙයි. ඒ නිසා ඉශ්‍රායෙල් සහ එප්‍රායිම් තමුන්ගේ අයුතුකමෙන් පැකිල වැටෙන්නෝය; යූදාත් ඔවුන් සමඟ වැටෙනවා ඇත.

6. ඔව්හු තමුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඇතුව ස්වාමීන්වහන්සේ සොයායන්නෝය; නුමුත් උන්වහන්සේ ඔවුන්ට සම්බවන්නේ නැත. උන්වහන්සේ ඔවුන්ගෙන් පහව සිටිනසේක.

7. ඔව්හු ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; මක්නිසාද අවජාත දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. ඉතින් මාසයකින් ඔවුන්ද ඔවුන්ගේ කොටස්ද නාස්තිවෙනවා ඇත.

8. ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.

9. දඬුවම්කිරීමේ දවසේදී එප්‍රායිම් පාළුවක් වන්නේය. සැබවින්ම පැමිණෙන දේ මා විසින් ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි දන්වා තිබේ.

10. යූදාහි අධිපතීන් මායිම් කණු වෙනස්කරන්නන් වැනිය. ඔවුන් කෙරෙහි මාගේකෝපය ජලය මෙන් වගුරුවන්නෙමි.

11. එප්‍රායිම් කැමැත්තෙන්ම හිස්කම පස්සේ ගිය බැවින් ඔහු විනිශ්චයට යටවී පොඩිවන්නේය.

12. මමද එප්‍රායිම්ට කාවෙකු මෙන්ද යූදා වංශයට දිරුම මෙන්ද වෙමි.

13. එප්‍රායිම් තමාගේ රෝගාතුරකමද යූදා තමාගේ තුවාලයද දුටුකල එප්‍රායිම් අෂූර් ළඟට ගියේය, (යූදාද) විරුද්ධකාර රජු ළඟට පණිවුඩ ඇරියේය. නුමුත් නුඹලාට සුවකරන්ට ඔහුට බැරිය, ඔහු නුඹලාගේ තුවාලය සනීපකරන්නෙත් නැත.

14. මක්නිසාද මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන්ය, යූදා වංශයට තරුණ සිංහයෙකු මෙන්ය. මම, මමම, ඉරාදමායන්නෙමි; ගළවන්ට කිසිවෙකුට ඉඩ නොතබා අල්ලාගන යන්නෙමි.

15. ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.

About හොෂෙයා Chapter 5

Read හොෂෙයා Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of හොෂෙයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හොෂෙයා
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හොෂෙයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හොෂෙයා Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හොෂෙයා Chapter 5?

හොෂෙයා Chapter 5 is part of the Book of හොෂෙයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හොෂෙයා Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 6
  2. නික්මයාම Chapter 26
  3. නික්මයාම Chapter 2
  4. නික්මයාම Chapter 1
  5. නික්මයාම Chapter 30
  6. නික්මයාම Chapter 12
  7. නික්මයාම Chapter 35

Explore More from හොෂෙයා

  1. හොෂෙයා Chapter 7
  2. හොෂෙයා Chapter 10
  3. හොෂෙයා Chapter 4
  4. හොෂෙයා Chapter 1
  5. හොෂෙයා Chapter 3
  6. හොෂෙයා Chapter 8
  7. හොෂෙයා Chapter 13

Related Chapters & Readings

  1. 1 සාමුවෙල් Chapter 13
  2. 2 ලේකම් Chapter 28
  3. ගලාති Chapter 2
  4. යාකොබ් Chapter 3
  5. යෙසායා Chapter 37
  6. 1 රාජාවලිය Chapter 1
  7. යෙසායා Chapter 50
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *