ද්වීතීය කථාව Chapter 17

For English

Read ද්වීතීය කථාව Chapter 17 Online

Read ද්වීතීය කථාව Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

ද්වීතීය කථාව 17

පරිච්ඡේදය 17

1. යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ යම් නුවරක් තුළ ඔබ සැම අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්,

3. මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,

4. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරන්නේය කියා ඔබට දන්වන්ටත් ඔබ ඒක අසන්ටත් යෙදුණොත්, ඔබ හොඳාකාර විභාගකරන්න. එවිට ඒ පිළිකුල ඉශ්‍රායෙල් තුළ කෙරුණු බව සැබෑ නම්, කාරණයද සත්තක නම්,

5. ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ ඔබේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.

6. මරණයට පත්වෙන තැනැත්තා සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට මරනු ලබන්නේය; එක සාක්ෂිකාරයෙකුගේ මුඛයේ කීම පිට ඔහු මරණු නොලබන්නේය.

7. ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ ඔබ සැම අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය.

8. ඔබේ දොරටු ඇතුළෙහි හටගන්න නඩුවලින් ලේ සහ ලේ අතරේද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර සහ පහර අතරේද විනිශ්චයකරන්ට යම් කාරණයක් ඔබට අමාරු වැඩි නම්, ඔබ නැගිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට ගොස්,

9. ලෙවීවරු වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාගකරන්න; ඔවුන් ඔබට නඩුවේ තීන්දුව දන්වනවා ඇත.

10. ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ඒ ස්ථානයේ සිට ඔවුන් ඔබට දන්වන තීන්දුව ප්‍රකාර කරන්න; ඔවුන් ඔබට දන්වාදෙන සියල්ලේ හැටියට කරන්ට බලාගන්න.

11. ඔවුන් ඔබට දන්වා දෙන ව්‍යවස්ථාවේද ඔබට කියන විනිශ්චයේද හැටියට කරන්න. ඔවුන් ඔබට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න.

12. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.

13. මුළු සෙනඟ අසා භයව තවත් හිතුවක්කාරකම් නොකර සිටිනවා ඇත.

14. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණ ඒක හිමිකරගන එහි වාසයකරන විට, මා වටකර සිටින සියලු ජාතීන් මෙන් මා කෙරෙහි රජෙකු පත්කරගන්නෙමියි කීවොත්,

15. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න තැනැත්තා ඔබ කෙරෙහි රජකමට කොහොමහරි පත්කරගන්න. ඔබේ සහෝදරයන් අතරෙන් එක්කෙනෙකු ඔබ රජකමට පත්කර ගන්න; ඔබේ සහෝදරයෙක් නොවන පරදේශියෙකු ඔබ කෙරෙහි රජකර නොගත යුතුය.

16. බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ ඔබ සැමට කීසේක.

17. තමාගේ සිත ඉවත නොහැරෙන පිණිස ඔහු විසින් භාර්යාවන් වැඩිකර නොගත යුතුය. රන් රිදීද බොහෝසෙයින් සපයා නොගත යුතුය.

18. ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, ලෙවීවරුන් වන පූජකයන් ඉදිරියෙහි තිබෙන පොතේ හැටියට ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා,

19. තමා ළඟ තබාගත යුතුය. ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී, ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොගොස්, මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට,

20. තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙන ගන්න පිණිසද මෙසේ තමාගේ රාජ්‍යය කෙරෙහි තමාගේ සහ තමාගේ පුත්‍රයන්ගේත් දවස් ඉශ්‍රායෙල් මැද වැඩිකරගන්න පිණිසද තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.

About ද්වීතීය කථාව Chapter 17

Read ද්වීතීය කථාව Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 17?

ද්වීතීය කථාව Chapter 17 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 7
  3. ද්වීතීය කථාව Chapter 6
  4. ද්වීතීය කථාව Chapter 16
  5. ද්වීතීය කථාව Chapter 32
  6. ද්වීතීය කථාව Chapter 14
  7. ද්වීතීය කථාව Chapter 29

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 148
  2. නෙහෙමියා Chapter 1
  3. යෙරෙමියා Chapter 46
  4. 2 සාමුවෙල් Chapter 17
  5. 2 ලේකම් Chapter 9
  6. ගීතාවලිය Chapter 121
  7. විනිශ්චයකාරයන් Chapter 19

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 147
  2. ශු. මාර්ක් Chapter 8
  3. ගීතාවලිය Chapter 36
  4. එස්තර් Chapter 5
  5. එසකියෙල් Chapter 6
  6. දේශනාකාරයා Chapter 4
  7. ශු. යොහන් Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *