ද්වීතීය කථාව Chapter 30

For English

Read ද්වීතීය කථාව Chapter 30 Online

Read ද්වීතීය කථාව Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ද්වීතීය කථාව 30

පරිච්ඡේදය 30

1. තවද මා විසින් ඔබ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ ඔබ පිටට පැමිණි කල්හි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් ඔබ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,

2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී, අද මා විසින් ඔබට අණකරන සියල්ල ලෙස ඔබද ඔබේ පුත්‍රයෝද මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේගේ හඬට කීකරුවන්නෝ නම්,

3. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ වහල්කම පහකර, ඔබට අනුකම්පාකොට, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ විසිරෙවූ සියලු ජනයන් අතරෙන් ඔබ නැවත රැස්කරගන්නසේක.

4. ඔබෙන් පිටිවහල්කරනු ලැබූ කිසිවෙක් අහසේ කෙළවර දක්වා දුරව සිටියත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් පවා ඔබ රැස්කොට එතැනින් ඔබ ගෙනෙනසේක.

5. ඔබේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය ඔබ විසින් භුක්තිවිඳින පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ එහි පමුණුවා, උන්වහන්සේ ඔබට යහපතකොට, ඔබේ පියවරුන්ට වඩා ඔබ වැඩිකරනසේක.

6. ඔබ ජීවත් වෙන පිණිස ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ සිතද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.

7. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේද මේ සියලු ශාප ඔබට පීඩා කළාවූ ඔබේ සතුරන් පිටද ඔබට වෛරවෙන්නන් පිටද තබනවා ඇත.

8. ඔබ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නෙහිය.

9. එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ අත්වල සියලු වැඩවල ඵලයද ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලය ද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.

10. මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත ඔබට යහපත පිණිස ඔබ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.

11. අද මා විසින් ඔබට අණකරන මේ ආඥාව ඔබට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.

12. අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි ඔබ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.

13. අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි ඔබ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.

14. නුමුත් ඒ වචනය ලෙස ඔබ කරන පිණිස එය ඔබට ඉතා ළංව ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේ.

15. මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද ඔබ ඉදිරියෙහි තැබීමි.

16. එසේය, ඔබ ජීවත්ව සිට වැඩිවෙන පිණිසද ඔබ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාද කරන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයන්ද පවත්වන්ට මම අද ඔබට අණකරමි.

17. නුමුත් ඔබ කීකරුනොවන හැටියට ඔබේ සිත හැරීගොස්, අන් දෙවිවරුන්ට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත්

18. ඔබ ඇදී ගියොත්, සැබවින් ඔබ සැම විනාශවෙන බව අද ඔබ සැමට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිනොවන්නේය.

19. මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද ඔබ සැම ඉදිරියෙහි තැබූ බවට අද ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් ඔබත් ඔබේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,

20. ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට ඔබ වාසයකරන පිණිස, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන් වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද ඔබේ ජීවනයත් ඔබේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.

About ද්වීතීය කථාව Chapter 30

Read ද්වීතීය කථාව Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 30
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 30 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 30?

ද්වීතීය කථාව Chapter 30 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 30 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 7
  3. ද්වීතීය කථාව Chapter 6
  4. ද්වීතීය කථාව Chapter 16
  5. ද්වීතීය කථාව Chapter 32
  6. ද්වීතීය කථාව Chapter 14
  7. ද්වීතීය කථාව Chapter 12

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 5
  2. ඔබදියා Chapter 1
  3. එස්රා Chapter 9
  4. ද්වීතීය කථාව Chapter 2
  5. ගීතාවලිය Chapter 43
  6. නික්මයාම Chapter 7
  7. 1 ලේකම් Chapter 12

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 121
  2. 2 රාජාවලිය Chapter 23
  3. 2 ලේකම් Chapter 17
  4. ආමොස් Chapter 8
  5. ගීතාවලිය Chapter 124
  6. 1 ලේකම් Chapter 21
  7. එස්රා Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *