Read ද්වීතීය කථාව Chapter 5 Online
Read ද්වීතීය කථාව Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 5
පරිච්ඡේදය 5
1. මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද ඔබ සැම අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; ඔබ සැම ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
2. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප සමඟ හොරේබ්හිදී ගිවිසුමක් කළසේක.
3. ස්වාමීන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ නොව අප සමඟය, එසේය, අද මෙහි ජීවත්ව සිටින සියල්ලන් වන අප සමඟය.
4. ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැම සමඟ මුහුණට මුහුණ ලා කථාකළසේක.
5. (ස්වාමීන්වහන්සේගේ වචන ඔබ සැමට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් ඔබ සැමටත් අතරේ සිටියෙමි; මක්නිසාද ඔබ සැම ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය.) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක:
6. මම මිසර දේශය වන වහල්කමේ ගෙදරින් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
7. මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.
8. කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් ඔබට සාදා නොගනුව.
9. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති5:9 හෙවත්, ස්වගෞරවය රක්ෂාකරන්නාවූ. නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
10. මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.
11. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ5:11 හෙවත්, බොරුවට. ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ5:11 හෙවත්, බොරුවට. ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
12. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.
13. සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩකර්මාන්ත කරගනුව.
14. නුමුත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබ මෙන් ඔබේ වැඩකාරයාත් ඔබේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස ඔබවත් ඔබේ පුතාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ ගවයාවත් ඔබේ කොටළුවාවත් ඔබේ කිසි සිව්පාවෙක්වත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.
15. ඔබත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද ඔබ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට ඔබට අණකළසේක.
16. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝවන පිණිසද ඔබට ශුභසිද්ධ වන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස ඔබේ පියාටද ඔබේ මවුටද ගෞරව කරව.
17. මිනී නොමරව.
18. කාමමිථ්‍යාචාරය නොකරව.
19. සොරකම් නොකරව.
20. ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.
21. ඔබේ අසල්වාසියාගේ භාර්යාවට ආසානොවව; ඔබේ අසල්වාසියාගේ ගෙටවත් ඔහුගේ කෙතටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසිම දෙයකටවත් තණ්හා නොවව.
22. මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට ඔබ සැමගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.
23. කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ ඔබ සැමට ඇසුණු කල්හි ඔබ සැම එනම් ඔබ සැමගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද ඔබ සැමගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:
24. බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.
25. ඉතින් අපි මක්නිසා නස්නෙමුද? මේ මහත් ගින්න අප දවා දමනවා ඇත. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ අප විසින් තවත් ඇසුවොත් අප නසිනවා ඇත.
26. මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?
27. ඔබ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.
28. ඔබ සැම මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ ඔබට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.
29. අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!
30. ඔබ ගොස්: ඔබ සැමගේ කූඩාරම්වලට හැරී යන්නැයි ඔවුන්ට කියන්න.
31. එහෙත් ඔබ වනාහි මෙහි මා වෙත සිටින්න, මමද හිමිකරගැනීම පිණිස මා ඔවුන්ට දෙන දේශයෙහි ඔවුන් පවත්වන පිණිස ඔබ ඔවුන්ට ඉගැන්විය යුතුවූ ආඥා පන්තියද පනත්ද විනිශ්චයන්ද ඔබට කියන්නෙමියි කීසේක.
32. එබැවින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.
33. ඔබ සැම හිමිකරගන්ට යන දේශයෙහි ඔබ සැම ජීවත්ව සිටින පිණිසත් ඔබ සැමට ශුභ සිද්ධවන පිණිසත් ඔබ සැමගේ දවස් වැඩිකරගන්න පිණිසත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.
About ද්වීතීය කථාව Chapter 5
Read ද්වීතීය කථාව Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 5
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 5?
ද්වීතීය කථාව Chapter 5 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 5 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 14
- ද්වීතීය කථාව Chapter 29
Explore More from පැරණි ගිවිසුම
- හොෂෙයා Chapter 10
- එසකියෙල් Chapter 10
- ගීතාවලිය Chapter 104
- උත්පත්ති Chapter 31
- 2 රාජාවලිය Chapter 10
- ගණන් කථාව Chapter 29
- 1 සාමුවෙල් Chapter 3