විනිශ්චයකාරයන් Chapter 11

For English

Read විනිශ්චයකාරයන් Chapter 11 Online

Read විනිශ්චයකාරයන් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.

Choose a Chapter

විනිශ්චයකාරයන් 11

පරිච්ඡේදය 11

1. ගිලියදීය යෙප්තා බලසම්පන්න වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්ව සිටියේය, ඔහු වේශ්‍යා ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක. ගිලියද් තෙමේ යෙප්තා ඉපදවිය.

2. ගිලියද්ගේ භාර්යාව ඔහු නිසා පුත්‍රයන් බිහිකළාය; ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩිවයසට පැමිණි කල ඔව්හු යෙප්තාට කථාකොට: ඔබ අන්‍ය ස්ත්‍රියෙකුගේ පුතෙක් බැවින් අපේ පියාණන්ගේ ගෙදර උරුමක්කාරයෙක් නොවන්නෙහිය කියා ඔහු එළවා දැම්මෝය.

3. එවිට යෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලාගොස් ටෝබ් දේශයෙහි වාසය කෙළේය. කමකට නැති මනුෂ්‍යයෝ යෙප්තාට එකතුවී ඔහු කැටුව ගියෝය.

4. කලකට පසු අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය.

5. අම්මොන් පුත්‍රයන් ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකරන විට ගිලියද් වැඩිමහල්ලෝ ටෝබ් දේශයෙන් යෙප්තා කැඳවාගන එන්ට ගොස් ඔහුට කථාකොට:

6. අප අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස අපේ අධිපතියා වෙන්ට එන්නැයි කීවෝය.

7. යෙප්තා: ඔබ සැම මා කෙරේ වෛර බැඳ මාගේ පියාගේ ගෙයින් මා පන්නා දැමුවා නොවේද? දැන් ඔබ සැමගේ විපතේදී මක්නිසා මා ළඟට ආවහුදැයි ගිලියද් වැඩිමහල්ලන්ට කීවේය.

8. එවිට ගිලියද් වැඩිමහල්ලෝ: අප දැන් නැවත ඔබ ළඟට ආවේ ඔබ අප සමඟ ගොස් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකර ගිලියද් වැසියන්වූ අප සියල්ලන්ට ප්‍රධානියා වෙන පිණිසයයි යෙප්තාට කීවෝය.

9. යෙප්තා ගිලියද් වැඩිමහල්ලන්ට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔබ සැම මා නැවත කැඳවාගන ගියාම ස්වාමීන්වහන්සේ ඔවුන් මට පාවාදුන්නොත් මම ඔබ සැමගේ ප්‍රධානියා වන්නෙම්දැයි කීවේය.

10. ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් ඔබේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙප්තාට කීවෝය.

11. එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.

12. එවිට යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙත පණිවිඩකාරයන් යවා: ඔබ මාගේ දේශයට විරුද්ධව යුද්ධකරන පිණිස මා ළඟට ආවේ මා සහ ඔබ අතරේ තිබෙන මොන කාරණයක් නිසාදැයි අසා ඇරියේය.

13. අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තාගේ පණිවිඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය.

14. යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙතට නැවත පණිවිඩකාරයන් යවා:

15. යෙප්තා මෙසේ කියන්නේය-ඉශ්‍රායෙල් මෝවබ් දේශයවත් අම්මොන් පුත්‍රයන්ගේ දේශයවත් පැහැරගත්තේ නැත.

16. නුමුත් ඉශ්‍රායෙල්වරු මිසරයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා කාන්තාරයෙහි ගමන්කර කාදෙෂ්ට පැමුණුණෝය;

17. එවිට ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් යන්ට අවසර ලැබේවයි කියා ඇරියෝය. නුමුත් ඒදොම් රජ ඇහුම්කන් නුදුන්නේය. මෝබව් රජු වෙතටත් එසේම පණිවිඩකාරයන් ඇරියෝය. ඔහුද කැමතිවුණේ නැත. ඉශ්‍රායෙල්වරුද කාදෙෂ්හි නැවතී සිටියෝය.

18. පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.

19. එවිට ඉශ්‍රායෙල්වරු හෙෂ්බොන්හි රජ වන අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් අපේ ස්ථානයට යන්ට අපට අවසර ලැබේවයි කියා ඇරියෝය.

20. නුමුත් සීහොන් තමාගේ දේශය මැදින් යාම ගැන ඉශ්‍රායෙල්වරුන් විශ්වාස නොකර, තමාගේ මුළු සෙනඟ රැස්කොට, යහශ්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකෙළේය.

21. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සීහොන් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්‍රායෙල් අතට පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහර දුන්නෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු ඒ දේශවාසීවූ අමෝරිවරුන්ගේ මුළු රට හිමිකරගත්තෝය.

22. ඔව්හු අර්ණොන් පටන් යබ්බොක් දක්වාද කාන්තාරයේ පටන් යොර්දාන් දක්වාද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමිකරගත්තෝය.

23. මෙසේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරියෙන් අමෝරිවරුන් පන්නාදමා තිබෙද්දී ඔබ ඔවුන්ගේ රට හිමිකර ගන්ට යනවාද?

24. ඔබේ දෙවිවූ කෙමොෂ් ඔබට හිමිකරගැනීමට දෙන දේ ඔබ හිමිකරගන්නවා නොවේද? එලෙසම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්නාදැමූ සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.

25. ඉතින් ශිප්පොර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක්ට වඩා ඔබ කොයි ආකාරයකින්වත් උතුම්ද? ඔහු ඉශ්‍රායෙල් සමඟ කවදාවත් විවාදකෙළේද? නොහොත් ඔවුන්ට විරුද්ධව කවදාවත් යුද්ධකෙළේද?

26. ඉශ්‍රායෙල් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නුවරවලද අරොයෙර් හා ඊට අයිති නුවරවලද අර්ණොන් අසබඩ තිබෙන සියලු නුවරවලද අවුරුදු තුන්සියයක් වාසයකරද්දී ඔබ සැම ඒ කාලය අතරතුරේ ඒවා ගළවා නොගත්තේ මක්නිසාද?

27. එබැවින් මම ඔබ සැමට විරුද්ධව වරදක් නොකෙළෙමි, නුමුත් මට විරුද්ධව යුද්ධකිරීමෙන් ඔබ මට අයුත්තක් කරන්නෙහිය. විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් හා අම්මොන් පුත්‍රයන් අතරේ අද විනිශ්චයකරනසේක්වයි කීවේය.

28. එසේ වුවත් අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තා තමාට කියා එවු වචනවලට ඇහුම්කන් නුදුන්නේය.

29. එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය යෙප්තා කෙරෙහි පැමුණුණේය, ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පේට පැමිණ, ගිලියද්හි මිශ්පේ සිට අම්මොන් පුත්‍රයන් වෙතට ගියේය.

30. යෙප්තා ස්වාමීන්වහන්සේට බාරයක් වෙමින්: ඔබවහන්සේ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙනසේක් නම්,

31. මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමියි කීවේය.

32. මෙසේ යෙප්තා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් වෙතට ගියේය; ස්වාමීන්වහන්සේද ඔහු අතට ඔවුන් පාවාදුන්සේක.

33. ඔහු අරොයෙර් පටන් මින්නීත්ට පැමිණෙන තැන දක්වාද ආබෙල්-කෙරාමීම් දක්වාද ඔවුන්ට, එනම් නුවරවල් විස්සකට පහරදී, ඉතා මහත් මැරීමක් කෙළේය. මෙසේ අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබූහ.

34. යෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන කොට ඔහුගේ දුව රබන්ද නැටුම්ද ඇතුව ඔහුගේ පෙරමගට ආවාය. ඈ වනාහි ඔහුගේ එකම දරුවාය. ඈ හැර ඔහුට පුතෙක්වත් දුවෙක්වත් නොවීය.

35. ඔහු ඈ දුටු විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, ඔබ මා ඉතා කණගාටු කෙළෙහිය, ඔබ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමියි කීය.

36. ඈද: මාගේ පියාණෙනි, ඔබේ මුඛය හැර ඔබ ස්වාමීන්වහන්සේට පොරොන්දුවුණෙහිය; ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන්වූ අම්මොන් පුත්‍රයන්ගෙන් ඔබ උදෙසා පළිගත් බැවින් ඔබේ මුඛයෙන් නික්මුණු හැටියටම මට කරන්නැයි ඔහුට කීවාය.

37. තවද ඈ තමාගේ පියාට කථාකොට: මෙසේ මට අවසර ලැබේවා-මාද මාගේ යෙහෙළීන්ද ගොස් කඳුවල ඇවිද මාගේ කන්‍යාකම ගැන වැලපෙන්ට දෙමසක් මට කල් දුන මැනවියි කීවාය.

38. ඔහුද: යන්නැයි කියා ඈ දෙමසකට ඇරියේය. ඈ ඇගේ යෙහෙළීන් සමඟ ගොස් ඇගේ කන්‍යාකම ගැන කඳුවල වැලපුණාය.

39. දෙමස තීන්දුවූ කල ඈ ඇගේ පියා වෙතට හැරී ආවාය, එවිට ඔහු තමා වුණාවූ බාරය ඈ කෙරෙහි ඉෂ්ටකෙළේය. ඈ කිසි පුරුෂයෙකු ඇඳින නොගත්තාය.

40. ගිලියද්හි යෙප්තාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්‍රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්‍රායෙල්වරුන් අතරේ ඇතිවිය.

About විනිශ්චයකාරයන් Chapter 11

Read විනිශ්චයකාරයන් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: විනිශ්චයකාරයන්
Chapter: 11
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading විනිශ්චයකාරයන් Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is විනිශ්චයකාරයන් Chapter 11?

විනිශ්චයකාරයන් Chapter 11 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 11 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from විනිශ්චයකාරයන්

  1. විනිශ්චයකාරයන් Chapter 1
  2. විනිශ්චයකාරයන් Chapter 21
  3. විනිශ්චයකාරයන් Chapter 2
  4. විනිශ්චයකාරයන් Chapter 18
  5. විනිශ්චයකාරයන් Chapter 16
  6. විනිශ්චයකාරයන් Chapter 13
  7. විනිශ්චයකාරයන් Chapter 15

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 4
  2. ශු. යොහන් Chapter 5
  3. ශු. යොහන් Chapter 12
  4. ගීතාවලිය Chapter 11
  5. 1 කොරින්ති Chapter 14
  6. ලෙවී කථාව Chapter 4
  7. උත්පත්ති Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *