Read ද්වීතීය කථාව Chapter 34 Online
Read ද්වීතීය කථාව Chapter 34 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 34
පරිච්ඡේදය 34
1. ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,
2. මුළු නප්තලීයද එප්‍රායිම් සහ මනස්සේ දේශයද අපරදිගවූ මුහුද දක්වා තිබෙන මුළු යූදා රටද,
3. දකුණු දිශාවද ශොවර් දක්වා තිබෙන ඉඳිගස් නුවරවූ යෙරිකෝ මිටියාවතේ සමභූමියද දැක්වූ සේක.
4. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඔබේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක ඔබේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් ඔබ එහි නොයන්නෙහියයි කීසේක.
5. මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේදී නැසුණේය.
6. උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි.
7. මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය.
8. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන තිස් දවසක් වැලපුණෝය. මෙසේ මෝසෙස් ගැන අඬා වැලපීමේ දවස් ඉකුත්විය.
9. මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පිට තැබූ බැවින් ඔහු ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ වුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔහුට කීකරුවී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝය.
10. ස්වාමීන්වහන්සේ මෝසෙස් යවා මිසර දේශයෙහි ඵාරාවෝටත් ඔහුගේ සියලු මෙහෙකරුවන්ටත් ඔහුගේ මුළු දේශයටත් කෙරෙවුවාවූ ඒ සියලු ලකුණුද ආශ්චර්යද,
11. සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරියේදී ඔහු පෑවාවූ ඒ මුළු පරාක්‍රමවත් හස්තයද ඒ සෑම මහත් භයානක කමද සම්බන්ධයෙන්,
12. ස්වාමීන්වහන්සේ මුහුණට මුහුණලා ඇඳින්නාවූ මෝසෙස් හා සමාන ප්‍රොපේත කෙනෙක් ඉන් පසු ඉශ්‍රායෙල්හි නොනැගිට්ටේය.
About ද්වීතීය කථාව Chapter 34
Read ද්වීතීය කථාව Chapter 34 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 34
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 34 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 34?
ද්වීතීය කථාව Chapter 34 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 34 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 12
- ද්වීතීය කථාව Chapter 5
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 138
- 1 සාමුවෙල් Chapter 12
- යෙරෙමියා Chapter 43
- එසකියෙල් Chapter 32
- උත්පත්ති Chapter 7
- සෙකරියා Chapter 6
- 1 සාමුවෙල් Chapter 31