Read ද්වීතීය කථාව Chapter 27 Online
Read ද්වීතීය කථාව Chapter 27 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 27
පරිච්ඡේදය 27
1. මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද සෙනඟට අණකරමින්: මා විසින් අද ඔබ සැමට අණකරන මුළු ආඥාව පවත්වන්න.
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට යොර්දානෙන් එතරව ඔබ යන දවසේ මහත් ගල් සිටුවාගන, ඒවායේ හුනු ගා,
3. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණ හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක් ව තිබෙන දේශයට ඇතුල්වෙන පිණිස ඔබ එතරව ගිය කල්හි, මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඒවා පිට ලියන්න.
4. එබැවින් ඔබ සැම යොර්දානෙන් එතරව ගිය විට මා අද ඔබ සැමට අණකරන මේ ගල් ඒබාල් කන්දේ හිටවා හුනු ගාන්න.
5. එහිද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් එනම් ගල්වලින් පූජාසනයක් ගොඩනගන්න. ඊට යකඩ ආවුදයක් නොපොවන්න.
6. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය 27:6 හෙවත්, නොකැඩූ හෝ නොකැපූ.පියවි ගල්වලින් ගොඩනගා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒක පිට දවන පූජාවන් පූජාකොට,
7. ශාන්ති පූජාවල්ද ඔප්පුකර, එහිදී කමින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
8. ඒ ගල් පිට මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඉතා පැහැදිලි ලෙස කොටා ලියන්නැයි කීවෝය.
9. මෝසෙස්ද ලෙවීවරුවූ පූජකයෝද සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: ඉශ්‍රායෙල්, ඔබ නිශ්ශබ්දව සිට අසන්න; ඔබ අද දවසේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සෙනඟ වූයෙහිය.
10. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඔබ කීකරුව මා විසින් අද ඔබට අණකරන උන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන්නැයි කීවෝය.
11. මෝසෙස් එම දවසේදී සෙනඟට අණ කරමින්:
12. ඔබ සැම යොර්දානෙන් එතරට පැමිණි කල්හි සෙනඟට ආශීර්වාදකරන පිණිස සිමියොන්ද ලෙවීද යූදාද ඉස්සාඛර්ද යෝසෙප්ද බෙන්යමින්ද යන මොව්හු ගෙරිසීම් කන්ද පිට සිටිත්වා.
13. ශාපකියන පිණිස රූබෙන්ද ගාද්ද ආෂෙර්ද සාබුලොන්ද දාන්ද නප්තලීද යන මොව්හු ඒබාල් කන්ද පිට සිටිත්වා.
14. ලෙවීවරුද උත්තරදෙමින් සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට ශබ්දනගා මෙසේ කියත්වා-
15. ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.
16. තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
17. තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
18. අන්ධයා මංමුළාකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
19. විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
20. තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන්නාට ශාප වේවා; මක්නිසාද ඔහු තම පියාගේ යහන් වස්ත්‍රය ඉවත්කෙළේය. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
21. කිසියම් මෘගයෙකු සමඟ සයනය කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
22. තමාගේ සහෝදරීවූ තමාගේ පියාගේ දුව හෝ මවගේ දුව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
23. තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
24. තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
25. නිදොස් කෙනෙකු මරන්ට අල්ලස් ගන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
26. මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
About ද්වීතීය කථාව Chapter 27
Read ද්වීතීය කථාව Chapter 27 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 27
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 27 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 27?
ද්වීතීය කථාව Chapter 27 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 27 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 26
- ද්වීතීය කථාව Chapter 14
Explore More from පැරණි ගිවිසුම
- 2 සාමුවෙල් Chapter 8
- ගීතාවලිය Chapter 102
- යෙරෙමියා Chapter 39
- විලාප ගී Chapter 5
- යෝබ් Chapter 22
- හිතෝපදේශ Chapter 29
- උත්පත්ති Chapter 46