Read ද්වීතීය කථාව Chapter 10 Online
Read ද්වීතීය කථාව Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 10
පරිච්ඡේදය 10
1. ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපාගෙන මා වෙතට කන්දට නැගී එන්න, ලීයෙන් පෙට්ටියක්ද සාදා ගන්න.
2. එවිට ඔබ බිඳ දැමූ පළමු ලෑලිවල තිබුණ වචන ඒ ලෑලිවල ලියන්නෙමි, ඔබ ඒවා පෙට්ටියෙහි තබන්නැයි කීසේක.
3. මමද ෂිට්ටීම් ලීවලින් පෙට්ටියක් සාදා, පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපා, ලෑලි දෙක මාගේ අතින් රැගෙන, කන්දට නැගුණෙමි.
4. රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැමට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.
5. මමද හැරී කන්දෙන් බැස, මා සෑදූ පෙට්ටියෙහි ඒ ලෑලි තැබීමි; ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ඒවා එහි තිබේ.
6. (ඉශ්‍රායෙල් පුත්‍රයෝ බීරොත් බෙනෙ-යාකන්හි සිට මොසේරාට පිටත්ව ගියෝය. එහිදී ආරොන් මැරී එහි තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් ඔහු වෙනුවට පූජක තනතුරේ මෙහෙය ඉෂ්ට කෙළේය.
7. එතැනින් ගුද්ගොදාටත් ගුද්ගොදාහි සිට දිය ඔයවල් ඇති රටක් වන යොත්බාතාටත් ඔව්හු පිටත්ව ගියෝය.
8. ඒ කාලයේදී ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පිණිසද අද දක්වා කරන ලෙස ස්වාමීන්වහන්සේට සේවය කිරීමට උන්වහන්සේ ඉදිරියෙහි සිටින පිණිසද උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ස්වාමීන්වහන්සේ ලෙවීගේ ගෝත්‍රය වෙන්කළසේක.
9. එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)
10. මම පළමු වතාවේ මෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ නැවතුණෙමි. ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දී, ඔබ විනාශකරන්ට නොකැමැතිවූසේක.
11. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට සෙනඟට පෙරටුව ගමන්කරන්න; ඔවුන්ට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔව්හු ඇතුල්ව එය හිමිකරගනිත්වයි කීසේක.
12. ඉතින් ඉශ්‍රායෙල්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්
13. ඔබේ යහපත පිණිස අද මා විසින් ඔබට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
14. බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.
15. එතකුදුවුවත් ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට ප්‍රේමකරන ලෙස ඔවුන් කෙරෙහි ඇලුම්වී, අද තිබෙන්නාක් මෙන් ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වංශයවූ ඔබ සැම සියලු මනුෂ්‍ය වර්ගයන්ට ඉහල් කොට තෝරාගත්සේක.
16. එබැවින් ඔබ සැමගේ කුළල් තවත් තදකර නොගෙන, ඔබ සැමගේ හෘදයවල චර්මාග්‍රය ඡේද්‍යකරගන්න.
17. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.
18. උන්වහන්සේ පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ටකරදෙන සේක, විදේශියාට කෑම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේමකරනසේක.
19. එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
20. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේනාමයෙන් දිවුරන්න.
21. උන්වහන්සේම ඔබේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම ඔබේ ඇස් වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ ඔබ උදෙසා කළාවූ ඔබේ දෙවියන්වහන්සේය.
22. සැත්තෑදෙනෙක්වූ ඔබේ පියවරු මිසර දේශයට බැස ගියෝය; දැනුදු ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අහසේ තාරකා මෙන් ගණනින් ඔබ වැඩිකළසේක.
About ද්වීතීය කථාව Chapter 10
Read ද්වීතීය කථාව Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 10
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 10?
ද්වීතීය කථාව Chapter 10 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 14
- ද්වීතීය කථාව Chapter 5
Explore More from පැරණි ගිවිසුම
- ආමොස් Chapter 3
- 2 ලේකම් Chapter 17
- ගීතාවලිය Chapter 82
- එසකියෙල් Chapter 48
- ගීතාවලිය Chapter 114
- 1 සාමුවෙල් Chapter 26
- හොෂෙයා Chapter 7