Read යෙරෙමියා Chapter 36 Online
Read යෙරෙමියා Chapter 36 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 36
පරිච්ඡේදය 36
1. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යොහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමුණුණේය.
2. නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.
3. මා විසින් යූදා වංශයට කරන්ට අදහස්කරන මුළු විපත්තිය ගැන සමහරවිට ඔවුන් අසා, මා විසින් ඔවුන්ගේ අයුතුකමත් පාපයත් කමා කරන පිණිස එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇතැයි කීය.
4. එවිට යෙරෙමියා නේරියාගේ පුත්‍රවූ බාරුක් කැඳවාගත්තේය; බාරුක්ද ස්වාමීන්වහන්සේ යෙරෙමියාට කියා තිබුණු උන්වහන්සේගේ සියලුම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේය.
5. යෙරෙමියා බාරුක්ට අණකරමින්: මම හිරකරනු ලැබ සිටිමි; ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්විය නොහැක්කෙමි.
6. එබැවින් නුඹ ඇතුල්වී, නුඹ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන් ස්වාමීන්වහන්සේගේ වචන උපවාස දවසේදී සෙනඟ අසන පිණිස ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කියන්න; තමුන්ගේ නුවරවලින් එන්නාවූ සියලු යූදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.
7. සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.
8. නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියා තමාට අණකළ සියල්ල ලෙස කරමින්, ස්වාමීන්වහන්සේගේ වචන ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පොතෙන් කියෙවුවේය
9. තවද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ පස්වෙනි අවුරුද්දේ නවවෙනි මාසයේදී යෙරුසලමේ මුළු සෙනඟද යූදාහි නුවරවලින් යෙරුසලමට ආ මුළු සෙනඟද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උපවාසයක් ප්‍රකාශකළෝය.
10. එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.
11. ෂාපාන්ගේ පුත්‍රයා වන ගෙමරියාගේ පුත්‍රවූ මීකායා ස්වාමීන්වහන්සේගේ සියලු වචන පොතෙන් ඇසූ කල,
12. ඔහු රජගෙදරට ලේකමගේ ඇතුල්ගෙට බැසගියේය. එහි සියලු අධිපතියෝ වන එලිෂාමා ලේකමද ෂෙමායාගේ පුත්‍රවූ දෙලායාද අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාද හනනියාගේ පුත්‍රවූ ශෙදෙකියාද අනික් සියලු අධිපතියෝද වාඩිවී උන්නෝය.
13. එවිට මීකායා සෙනඟට ඇසෙන පිණිස බාරුක් පොත කියවද්දී තමා ඇසූ සියලු වචන ඔවුන්ට දැන්නුවේය.
14. සියලු අධිපතීහුද කූෂීගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ යෙහූදී බාරුක් ළඟට යවමින්: සෙනඟට ඇසෙන පිණිස නුඹ කියෙවු පොත අතින් රැගෙන එන්නැයි කියා ඇරියෝය. නේරියාගේ පුත්‍රවූ බාරුක් පොත අතින් ගෙන ඔවුන් ළඟට ආයේය.
15. ඔව්හුද: ඉතින් ඉඳගෙන ඒක අපට ඇසෙන්ට කියවන්නැයි ඔහුට කීවෝය. බාරුක්ද ඔවුන්ට ඇසෙන්ට කියෙවුවේය.
16. තවද ඔව්හු ඒ සියලු වචන අසා, භයින් යුක්තව, එකිනෙකා දෙසට හැරී: අපි මේ සියලු වචන සැබවින් රජුට දන්වන්නෙමුයයි බාරුක්ට කීවෝය.
17. තවද ඔව්හු: නුඹ ඔහුගේ මුඛයෙන් අසා මේ සියලු වචන ලියුවේ කොහොමදැයි අපට දන්වන්නැයි කියා බාරුක්ගෙන් ඇසුවෝය.
18. බාරුක් උත්තරදෙමින්: ඔහු මේ සියලු වචන තමාගේ මුඛයෙන්ම මට කියාදුන්නේය, මමද තීන්තෙන් පොතෙහි ලිවීමියි කීවේය.
19. එවිට අධිපතීහු: නුඹලා කොතන සිටිනවාද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස නුඹත් යෙරෙමියාත් ගොස් සැඟවී ඉන්නැයි බාරුක්ට කීවෝය.
20. ඔව්හු එලිෂාමා ලේකමගේ ඇතුල් ගෙයි පොත තබා මළුවට රජු ළඟට ගොස් රජු අසා සිටියදී ඒ සියලු වචන කීවෝය.
21. රජ තෙමේ පොත ගෙනෙන්ට යෙහූදී යැවීය. ඔහු එලිෂාමා ලේකමගේ ඇතුල් ගෙයින් ඒක ගෙනවුත්, රජුටත් රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස ඒක කියෙවුවේය.
22. නවවෙනි මාසයේදී රජ ශීත සෘතු නිවාසයෙහි ඉඳගන උන්නේය. ඔහු ඉදිරියෙහි ගිනි භාජනයෙහි ගින්දර පත්තුවෙවී තිබුණේය.
23. යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.
24. එහෙත් රජවත් මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝවත් බියපත් නුවූවෝය, තමුන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝය.
25. තවද එල්නාතාන්ද දෙලායාද ගෙමරියාද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.
26. රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.
27. රජු ඒ පොතද බාරුක් යෙරෙමියාගේ මුඛයෙන් අසා ලියූ වචනද දැවූ පසු, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
28. නුඹ නැවත වෙන පොතක් රැගෙන යූදාහි රජවූ යෙහෝයාකීම් දැවුවාවූ පළමු පොතේ තිබුණු ප්‍රථම වචන සියල්ලම ලියන්න.
29. යූදාහි රජවූ යෙහෝයාකීම් ගැනත් මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජ ඇවිත් මේ දේශය නාස්තිකර, මෙතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද පහකරදමන්නේය කියා නුඹ මේ පොතෙහි ලියුවේ මක්නිසාදැයි කියමින් නුඹ ඒක දවාදැමුවෙහිය.
30. එබැවින් ස්වාමීන්වහන්සේ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන මෙසේ කියනසේක: ඔහුට දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේය.
31. මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය.
32. එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.
About යෙරෙමියා Chapter 36
Read යෙරෙමියා Chapter 36 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 36
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 36 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 36?
යෙරෙමියා Chapter 36 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 36 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 31
- යෙරෙමියා Chapter 25
- යෙරෙමියා Chapter 38
- යෙරෙමියා Chapter 8
- යෙරෙමියා Chapter 21
- යෙරෙමියා Chapter 11
- යෙරෙමියා Chapter 17