යෙරෙමියා Chapter 40

For English

Read යෙරෙමියා Chapter 40 Online

Read යෙරෙමියා Chapter 40 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 40

පරිච්ඡේදය 40

1. රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය.

2. රැකවලුන්ගේ අධිපතියා යෙරෙමියා ගෙන්වාගෙන ඔහුට කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ ස්ථානයට විරුද්ධව මේ විපත්තිය ගැන කීසේක.

3. ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලාට පැමුණුණේය.

4. ඉතින් නුඹේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද නුඹ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට නුඹට හොඳව පෙනේ නම් එන්න, මම නුඹව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට නුඹට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය නුඹ ඉදිරියෙහිය; නුඹට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.

5. ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.

6. යෙරෙමියා මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ගොස්, දේශයේ ඉතිරිව සිටි සෙනඟ අතරේ ඔහු වෙත වාසය කෙළේය.

7. පිටිසර සිටිය සේනාවල අධිපතීහුද ඔවුන්ගේ මිනිස්සුද බබිලෝනියේ රජු අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත්කළ බවත් බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳුවූවන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද ඔහුට භාරකළ බවත් ඇසූ විට,

8. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරේයාගේ පුත්‍රයන්වූ යොහානාන් හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද නෙටොපාතිය ඒපයිගේ පුත්‍රයෝද මයකාතියයාගේ පුත්‍රවූ යෙසනියාද ඔවුන්ගේ මිනිස්සුද මිශ්පාට ගෙදලියා ළඟට ආවෝය.

9. ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දෙමින් කථාකොට: කල්දිවරුන්ට සේවයකරන්ට භය නොවෙන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේය.

10. මම වනාහි අප ළඟට එන්නාවූ කල්දිවරුන් ඉදිරිපිට පෙනී සිටින්ට මිශ්පාහි වාසයකරමි. නුඹලා මුද්‍රිකපානයද ඉදුණු ඵලද තෙල්ද එකතුකොට නුඹලාගේ භාජනවල තබා, නුඹලා ලබාගත් නුවරවල වාසයකරන්නැයි කීවේය.

11. එසේම මෝවබ්හිද අම්මොන් පුත්‍රයන් අතරේද ඒදොම්හිද සෑම රටවලද සිටි සියලු යුදෙව්වරු බබිලෝනියේ රජු යූදාවරුන්ගෙන් සමහරෙක් ඉතිරිකර ගිය බවද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා පත්කළ බවද ඇසුවෝය.

12. එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්‍රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.

13. තවද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහුද මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්:

14. අම්මොන් පුත්‍රයන්ගේ රජවූ බයලීස් නුඹ මරන්ට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් එවූ බව නුඹ දන්නවාදැයි ඔහුගෙන් ඇසුවෝය. නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන් විශ්වාස කළේ නැත.

15. එකල කාරේයාගේ පුත්‍රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. නුඹ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු නුඹ මරන්නේ කුමටදැයි කීවේය.

16. නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා: නුඹ ඔය දේ නොකළ යුතුය. මක්නිසාද නුඹ ඉෂ්මායෙල් ගැන කියන දේ බොරුයයි කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ට කීවේය.

About යෙරෙමියා Chapter 40

Read යෙරෙමියා Chapter 40 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 40
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 40 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 40?

යෙරෙමියා Chapter 40 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 40 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 45
  2. යෙරෙමියා Chapter 41
  3. යෙරෙමියා Chapter 28
  4. යෙරෙමියා Chapter 26
  5. යෙරෙමියා Chapter 16
  6. යෙරෙමියා Chapter 12
  7. යෙරෙමියා Chapter 22

Related Chapters & Readings

  1. 1 රාජාවලිය Chapter 11
  2. තීතස් Chapter 2
  3. 2 සාමුවෙල් Chapter 18
  4. ගීතාවලිය Chapter 27
  5. ගීතාවලිය Chapter 144
  6. 1 සාමුවෙල් Chapter 15
  7. 1 රාජාවලිය Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *