Read ගීතාවලිය Chapter 81 Online
Read ගීතාවලිය Chapter 81 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 81
පරිච්ඡේදය 81
1. අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.
2. ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.
3. අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.
4. මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය.
5. මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක.
6. ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුණේය.
7. විපතේදී ඔබ අඬගැසුවෙහිය, මම ඔබ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී ඔබට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී ඔබ පරීක්ෂා කෙළෙමි.
8. මාගේ සෙනඟෙනි, අසව්, මම ඔබ සැමට සාක්ෂිදෙන්නෙමි; අහෝ, ඉශ්‍රායෙල්, මට ඇහුම්කන් දෙන්නෙහි නම් යහපත!
9. ඔබ වෙත අන් දෙවියෙක් නොවේවා; විදේශි දෙවියෙකුටද නමස්කාර නොකරව.
10. මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. ඔබේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.
11. එහෙත් මාගේ සෙනඟ මාගේ ශබ්දය නොඇසූය; ඉශ්‍රායෙල්ද මට කිසි සැලකිල්ලක් නොකළෝය.
12. එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි.
13. අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත!
14. එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනයකරන්නෙමි, ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි.
15. ස්වාමීන්ට වෛරවන්නෝ උන්වහන්සේට යටහත්වන්නෝය. නුමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය.
16. උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම ඔබ තෘප්තියට පමුණුවන්නෙමි.
About ගීතාවලිය Chapter 81
Read ගීතාවලිය Chapter 81 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 81
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 81 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 81?
ගීතාවලිය Chapter 81 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 81 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 75
- ගීතාවලිය Chapter 69
Explore More from පැරණි ගිවිසුම
- විනිශ්චයකාරයන් Chapter 8
- හොෂෙයා Chapter 13
- 1 සාමුවෙල් Chapter 16
- ගීතාවලිය Chapter 67
- 2 ලේකම් Chapter 27
- එස්තර් Chapter 5
- උත්පත්ති Chapter 42