යෝබ් Chapter 14

For English

Read යෝබ් Chapter 14 Online

Read යෝබ් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.

Choose a Chapter

යෝබ් 14

පරිච්ඡේදය 14

1. ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.

2. ඔහු මලක් මෙන් හටගෙන පහවීයන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය.

3. එබඳු අයෙකු දෙස ඔබගේ ඇස් අරිනසේක්ද? මා ඔබ හමුයෙහි විනිශ්චයට පමුණුවනසේක්ද?

4. අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය.

5. ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,

6. ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.

7. මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.

8. ඒකේ මුල බොහෝ කල් පොළොවෙහි පරණවී, ඒකේ කඳ බිමෙහි මැරුණත්,

9. වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් මෙන් අතු ලියලනවා ඇත.

10. නුමුත් මනුෂ්‍යයා මැරී දිරායන්නේය. එසේය, මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොතනද?

11. වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිදී වියළීයන්නාක්මෙන්ද

12. මනුෂ්‍ය තෙම සැතපුණු කල නොනැගිටින්නේය; අහස නැතිවීයන තුරු ඔව්හු නොපිබිදෙන්නෝය, තමුන්ගේ නින්දෙන් නැගුටුවනු නොලබන්නෝය.

13. අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි 14:13 හෙවත්, මිනීවළෙහි. වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නිමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!

14. මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.

15. ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.

16. එසේ නුමුත් දැන් ඔබ මාගේ පියවර ගණන්කරනසේක; ඔබ මාගේ පාපය ගැන රැකසිටිනවා නොවේද?

17. මාගේ වරද මල්ලක දමා මුද්‍රාකර තිබේ; ඔබ මාගේ අපරාධය වහලා තබනසේක.

18. සැබවින් කන්ද වැටී පොඩිවෙන්නේය, පර්වතයද ඒකේ ඉඩමෙන් පහවයන්නේය;

19. ගල් වතුරට ගෙවීයන්නේය; ඒවායේ ගැලීමට පොළොවේ පස් ගහගන යන්නේය; එසේම ඔබ මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව නැතිකරනසේක.

20. ඔබ නිතරම ඔහු පරාජයකරනසේක, ඔහු අහක්ව යන්නේය; ඔබවහන්සේ ඔහුගේ මුහුණ වෙනස්කර ඔහු හරිනසේක.

21. ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන නුමුත් ඔහු නොදනියි; ඔවුන් සුළුකරනු ලබන නුමුත් ඔවුන් ගැන ඔහු නොදන්නේය.

22. එහෙත් ඔහුගේ මාංසයට ඒකේම වේදනා දැනෙන්නේය. ඔහුගේ ප්‍රාණයද ඔහු තුළෙහිම වැලපෙන්නේයයි කීවේය.

About යෝබ් Chapter 14

Read යෝබ් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝබ්
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝබ් Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝබ් Chapter 14?

යෝබ් Chapter 14 is part of the Book of යෝබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝබ් Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝබ්

  1. යෝබ් Chapter 2
  2. යෝබ් Chapter 15
  3. යෝබ් Chapter 19
  4. යෝබ් Chapter 23
  5. යෝබ් Chapter 25
  6. යෝබ් Chapter 6
  7. යෝබ් Chapter 11

Related Chapters & Readings

  1. 2 ලේකම් Chapter 36
  2. ද්වීතීය කථාව Chapter 13
  3. යෙසායා Chapter 60
  4. ආමොස් Chapter 5
  5. එසකියෙල් Chapter 15
  6. ගීතාවලිය Chapter 39
  7. 1 රාජාවලිය Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *