Read 2 ලේකම් Chapter 21 Online
Read 2 ලේකම් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 21
පරිච්ඡේදය 21
1. යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.
2. යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝවූ අසරියාද යෙහීයෙල්ද සෙකරියාද අසරියාද මීකායෙල්ද ෂෙපාටියාද යන මොව්හු ඔහුගේ සහෝදරයෝය. මේ සියල්ලෝ ඉශ්‍රායෙල් රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝය.
3. ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යුදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.
4. යෙහෝරාම්ද තමාගේ පියාගේ රාජ්‍යයට පැමිණ බලවත්වූ කල, තමාගේ සියලු සහෝදරයන්ද ඉශ්‍රායෙල්හි සමහර අධිපතීන්ද කඩුවෙන් මැරීය.
5. යෙහෝරාම් තිස් දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම්කෙළේය.
6. ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුවෙක් සරණපාවාගත්තේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
7. නුමුත් ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසාද ඔහුටත් ඔහුගේ දරුවන්ටත් සෑම කල්හිම පහනක් දෙන්ට පොරොන්දුවූ නිසාද දාවිත්ගේ වංශය නැතිකරන්ට අකැමැතිවූසේක.
8. ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා යුදාවරුන් යටතෙන් අහක්ව, තමුන් කෙරෙහි රජෙකු පත්කරගත්තෝය.
9. එවිට යෙහෝරාම් තමාගේ අධිපතීන්ද සියලු රථද සමඟ ගොස් රාත්‍රියේ නැගිට තමා වටකර සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය.
10. මෙසේ ඒදොම්වරු අද දක්වා යුදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
11. ඇරත් ඔහු යුදා කඳුවල උස්තැන් සාදා යෙරුසලමේ වැසියන් වේශ්‍යාකමට. පමුණුවා, යුදාවරුන් මුළාකෙරෙවුවේය.
12. තවද ප්‍රොපේතවූ එලියාගෙන් ඔහුට ලියවිල්ලක් ලැබුණේය, එනම්: ඔබේ පියවූ යෙහෝෂාපාට්ගේ මාර්ගවලත් යුදාහි රජවූ ආසාගේ මාර්ගවලත් ඔබ නොහැසිර,
13. ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට 21:13 එනම්, අන් දෙවිවරුන් ඇදහීමට. පමුණුවා, ඔබේ පියාගේ වංශය වන ඔබට වඩා යහපත්වූ ඔබේ සහෝදරයන් මැරූ බැවින්,
14. ස්වාමීන්වහන්සේ ඔබේ සෙනඟටත් ඔබේ දරුවන්ටත් ඔබේ භාර්යාවන්ටත් ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩාකරනවා ඇත.
15. ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටීයන ලෙස ඔබේ බඩවැල්වල දරුණු රෝග වන්නේයයි ඔබේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි එහි ලියා තිබුණේය.
16. ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළෙඹවූසේක.
17. ඔව්හු යුදාට විරුද්ධව අවුත් ඇතුළට වැද, රජගෙදර තිබුණු සම්පත් සියල්ලද ඔහුගේ පුත්‍රයන්ද භාර්යාවන්ද රැගෙන ගියෝය; ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයාවූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරිනොවීය.
18. මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල්වල වැළඳි අසාධ්‍ය රෝගයකින් ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක.
19. කල්යාමෙන්, දෑවුරුද්දක් පසුවූ කල, ඔහුගේ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේය, ඔහු දරුණු රෝග වේදනාවෙන් මළේය. ඔහුගේ පියවරුන් ගැන ගිනි මැලයක් දැල්වූවාක් මෙන් ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනිමැලයක් නොදැල්වූහ.
20. ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.
About 2 ලේකම් Chapter 21
Read 2 ලේකම් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 21
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 21?
2 ලේකම් Chapter 21 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 21 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 35
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- 1 රාජාවලිය Chapter 16
- ගීතාවලිය Chapter 11
- ගීතාවලිය Chapter 150
- උත්පත්ති Chapter 39
- ගණන් කථාව Chapter 32
- මලාකි Chapter 2
- උත්පත්ති Chapter 26