Read විනිශ්චයකාරයන් Chapter 12 Online
Read විනිශ්චයකාරයන් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.
Choose a Chapter
විනිශ්චයකාරයන් 12
පරිච්ඡේදය 12
1. එප්‍රායිම් මනුෂ්‍යයෝ රැස්වී උතුරු දිශාවට ගොස් යෙප්තාට කථාකොට: ඔබ සමඟ යන්ට අපට අඬනොගසා ඔබ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට එගොඩට ගියේ මක්නිසාද? අපි ඔබේ ගෙය ඔබත් ඇතුළුව ගින්නෙන් පුලුස්සාදමමුයයි කීවෝය.
2. යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා ඔබ සැමට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් ඔබ සැම මා ගැළෙවුවේ නැත.
3. ඔබ සැම මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් ඔබ සැම මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.
4. එවිට යෙප්තා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගන එප්‍රායිම්ට විරුද්ධව යුද්ධකෙළේය. ඔබ සැම එප්‍රායිම්වරුන්ගෙන් පලාගිය අයවල්ය, ගිලියද්වරු එප්‍රායිම්වරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිම්වරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.
5. ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: ඔබ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;
6. ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙත්ය කියන්නැයි ඔව්හු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්ට නොහැකිව, සිබ්බොලෙත්ය කීවොත් ඔව්හු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිම්වරුන්ගෙන් සතළිස් දෙදාහක් මැරුම් කෑවෝය.
7. යෙප්තා සාවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදීය යෙප්තා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය.
8. ඔහුට පසුව බෙත්-ලෙමේහි ඉබ්ශාන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
9. ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝය, තවද ඔහු දූවරුන් තිස්දෙනෙක් පිටට හැර පිටතින් තමාගේ පුත්‍රයන්ට දූවරුන් තිස්දෙනෙක් ගෙනායේය. ඔහු සත් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
10. ඉබ්ශාන් මැරී බෙත්-ලෙහෙම්හි තැන්පත්කරන ලද්දේය.
11. ඔහුට පසුව සාබුලොනිය ඒලොන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය; ඔහු දස අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
12. සාබුලොනිය ඒලොන්ද මැරී සාබුලොන් රටේ තිබෙන අයාලොන්හි තැන්පත්කරන ලද්දේය.
13. ඔහුට පසුව පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
14. පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔව්හු කොටළුවන් සැත්තෑදෙනෙක් පිට නැගි ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය.
15. පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන්ද මැරී එප්‍රායිම් රටේ අමලෙක්වරුන්ගේ කඳුකරයේ පිරාතෝන්හි තැන්පත්කරන ලද්දේය.
About විනිශ්චයකාරයන් Chapter 12
Read විනිශ්චයකාරයන් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: විනිශ්චයකාරයන්
Chapter: 12
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading විනිශ්චයකාරයන් Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is විනිශ්චයකාරයන් Chapter 12?
විනිශ්චයකාරයන් Chapter 12 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 12 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
Explore More from විනිශ්චයකාරයන්
- විනිශ්චයකාරයන් Chapter 11
- විනිශ්චයකාරයන් Chapter 8
- විනිශ්චයකාරයන් Chapter 3
- විනිශ්චයකාරයන් Chapter 6
- විනිශ්චයකාරයන් Chapter 4
- විනිශ්චයකාරයන් Chapter 2
- විනිශ්චයකාරයන් Chapter 1